ඉදිරි මාස දෙක ඉක්ම ගිය පසු හිතාගත නොහැකි තරම් මිලකට වී මිල වැඩි වන බවත් සහල් මිලදී ගන්නට වෙන්නේ විශ්වාස කළ නොහැකි මිලකට බවත් අද අඟුනකොලපැලැස්සේ දී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පැවසීය.
ජනතාව අමතමින් ඔහු ප්‍රකාශ කළේ තුන් වේල කෑ අයට වේල් දෙකක් කන්නට වීමත්, වේල් දෙකක් කෑ අයට එක් වේලකින් සෑහීමකට පත්වීමට සිදුවීමත් සිදුවිය හැකි බවය.
“ජපානයේ කොරියාවෙ මිනිස්සු ගැරඬි, මීයො මරාගෙන කෑවා කියන්නෙ මේ වගේ කාලවලදි තමයි…“ ඇමතිවරයා තවත් පැහැදිලි කළේය.
“ මේ අමාත්‍යාංශයට යනකොට මම හිතුවෙ දැන් පොහොර මෙට්‍රික් ටොන් 65000ක් ඇවිත්, දැන් බෙදලා දෙන්න තමයි තියෙන්නෙ කියලා. එහෙම තමයි කට්ටියගෙ අදහස තිබුණේ. එහෙත් මේ වෙනකම් එක පොහොර හොන්ඩරයක් නැවකට පටවලා නෑ. “
“ බැණුම් අහන්න වුනත් ඇත්ත කියන්න ඕන.
මේ නෙකම් එක පොහොර හොන්ඩරයක් නැවකට පටවලා නෑ. ඇවිල්ලත් නෑ. ලෝකයේ කිසිම රටක් දැන් තමන්ගේ පොහොර සංචිත පිටරටවලට දෙන්නෙ නෑ. ඒ නිසා අපට යල කන්නය ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. අද උදේ මට ලැබුනු ආරංචි අනුව මෝදි ඇමැති තුමා රටට ආධාර කරන්න ඕන කියන හොඳ මානසිකත්වයක ඉන්නවා. ඒ නිසා මේ පොහොර ටික ලැබෙයි කියලා හිතනවා. අපට යල කන්නයේ ප්‍රතිඵල ලබාගන්න අමාරුයි. තව මාස දෙකකින් අපි හොඳටම වැටෙනවා. ආපහු වැටෙන්න තැනක් නෑ. එතනින් තමයි නැගිටින්න තියෙන්නෙ. “ ඇමතිවරයා කීවේය.