පාස්කු ප්‍රහාරය සමඟ මරාගෙන මැරුණු අන්තවාදී කණ්ඩායමේ නායක සහරාන් හෂීම්, ඔහුගේ සොහොයුරා ඇතුළු ඉස්ලාම් අන්තවාදි ත්‍රස්තවාදීන් විසින් පාසල් යන වයසේ දරුවන්ට යුධ පුහුණුව ලබා දුන් බවට සැලකෙන කල්පිටියේ පිහිටි මද්‍රාසා පාසලේ විදුහල්පති හොහොමඩ් ෂකීල් නැමැත්තා අද පස්වරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටියේ මද්‍රාසා පාසලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පුද්ගලයා විදුහල්පතතිත්වය දරන මද්‍රාසා පාසල සඳහා දැනට අත්අඩංගුවේ පසුවන නීතීඥ හෙජාස් හිස්බුල්ලා සම්බන්ධ රාජය නොවන සංවිධානයක් මඟින් පවත්වා ගෙන යන එකක් බව ද පොලිසිය සඳහන් කරයි. එහිදී ළමයින් 24 දෙනකු අනාථ දරුවන් ලෙස ව්‍යාජ ලිපින යොදා මෙම ස්ථානයට ගෙන්වාගෙන අන්තවාදී ආගමික මතවාද සමඟ යුධ පුහුණුවක්ද ලබා දිමට කටයුතු කරන බවට වාර්තා වී තිබුණි.
මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුව ඇති විමර්ෂණ වාර්තා සලකා බැලූ නිතිපතිවරයා අද දින පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ මෙම මොහොමඩ් ෂකීල් නමැති මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ආදළ මහේස්‍රතාත් අධිකාරණයට කරුණු වාර්තා කරන ලෙසය