පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරී ටිරෝන් සිල්වා මහතාගේ බිරිදත් තම එකම පුත්‍රයාත් කොවිඩ් රෝගයට ගොදුරු වි මිය යාමේ කණගාටුදායක සිදුවීමක් පොලිසියෙන් වාර්තා වෙයි.
සහකාර පොලිස් අධිකාරීවරයාද මේ වනවිට කොවිඩ් වෛරය ආසාදිතව කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ බිරිඳ මිය ගොස් ඇත්තේ පසුගිය සතියේය.
පසුව ඔහුගේ එකම තරුණ පුත්‍රයා කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතරේදී ඊයේ මිය ගොස් ඇත. මීට අමතරව ටිරෝන් සිල්වා මහතාගේ මව ඇතුළු පවුලේ තවත් සමාජිකයන් කිහිප දෙනකුද මේ වනවිට රෝගයට ගොදුරුව ප්‍රතිකාර ලබන බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.