මනම්පිටිය නිමල් ජයරත්න –
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබාගෙන වැලිකන්ද නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස කටයුතු කල අංක 250, වැලිකන්ද නාගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි 26 වියති තරිඳු සම්පත් කුමාර ගිහි ජීවිතය අතහැර ඊයේ ( 24 ) මනම්පිටිය මාගංතොට ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ආචාර්යත්වයෙන් එම විහාරස්ථානයේදී, නාගස්තැන්නේ කාශ්‍යපාලංකාර නමින් සසුන්ගත විය..
පවුලේ බාලයා වූ තරිඳු සම්පත් කුමාරටම සහෝදරයෙක් සහ සහෝදරියෙක් සිටින අතර ඔහුගේ මව ජී. නන්දාවතී වූවාය. පියා එච් නිමල්සිරි විය.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ 2017 වර්ෂයේදි උසස් පෙළ වාණිජ අංශයෙන් 36 වෙනියා බවට පත්ව පේරාදෙණිය විශ්ව වද්‍යාලයට ඇතුළත් වු තරිඳු සම්පත් කුමාර 2014,2015,2016,2017. යන වර්ෂවලදී දිඹුලාගල අධ්‍යාන කලාපයේ පාසල් මල්ල ක්‍රීඩා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසටත්, එම වසර වලදී උතුරු මැද පළාත් පාසල් මළල ක්‍රීඩා තරගාවලිවල උස පැනීමේ අංශයෙන් රන් පදක්කම්ලාභියා ලෙසත්, 2014 වසරේ සමස්ත ලංකා මට්ටමේ උස පැනීමේ තරඟයෙන් අටවෙනි ස්ථානයත් ලබාගෙන සිටි විශිෂ්ටයෙකි.