සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධව රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ කණ්ඩායම අතර විශේෂ තීරණාත්මක සාකච්චාවක් හෙට (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.
සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධව මේ වනවිට දේශපාලන පක්ෂ ගණනාවක් එකඟත්වය පල කර ඇති අතර ඒ සම්බන්ධව සමගි ජන බලවේගයේ ස්ථාවරය අද (04) ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.
සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම හා කාල පරාසය මෙන්ම ආණ්ඩුවේ අරමුණු මොනවාද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් මෙම සාකච්ඡාවේ දී අනාවරණය කරගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාල කණ්ඩායම් අතර කඩිනම් එකඟතාවයක් ඇතිකරගැනීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ ඇමති මණඩලය පත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.