සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඉදිරි වැඩපිළිවෙළ ආරම්භ කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කළේය.
රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, දයාසිරි ජයසේකර, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා, ජයන්ත සමරවීර, ජයරත්න හේරත්, ටිරාන් අලස්, ජගත් පුෂ්පකුමාර, නලීන් ප්‍රනාන්දු, එම්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ අසංක නවරත්න මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය මගින් ප්‍රකාශිත ඒ පිළිබඳ නිල නිවේදය පහත දැක්වේ