ජුලී ගෝ හෝම් කියමින් ඇමරිකානු තානාපති කාර්යාල ඉදිරිපිට හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ඇතුළු කණ්ඩායමක් විසින් කළ උද්ඝෝෂණයට පක්ෂයක් ලෙස පොදු ජන පෙරමුණේ මැදිහත්වීමක් නැතැයි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පැවසුවේය.
මෙම උද්ඝෝෂණයට පොහොට්ටුවේ කැපී පෙනෙන ආධාරකරුවන් පිරිසක් හා ඒ හා සම්බන්ධ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී තිබිණි.
සිද්ධියෙන් අනතුරුව අද උදේ ඇමරිකානු තානාපතිනී ජුලී චං නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයට පැමිණ ප්‍රකාශ කර තිබුණේ එක් එක් රජයක් වෙනස්වන විට එම රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ අනුව රාජ්‍ය තාන්ත්‍රික තානාපති නිලධාරීන් ලෙස එම වැඩපිළවෙළට අනුගතවීම සිදුකළ යුතු බවය.
රජයක් වෙනස් වූ විට ප්‍රතිපත්ති වෙනස් විය හැකි බව ද ඇය පැහැදිලි කළාය. එමෙන්ම මතුවෙමින් ඇති සංවාදය තුළ ඉදිරියේ දී තානාපති කාර්යාලය අභ්‍යන්තර විගණනයක් සිදුකරන බව ද ඇය කීවාය.







