දිනසේන රතුගමගේ –
-
ආර්ථික අපහසුකම් නිසා ජීවත් වෙන්න බැරි බව කියා පලා ගොස් ඇත්තේ ස්වර්ණාභරණ වෙළඳසල් දෙකක රුපියල් කෝටි 06ක ස්වර්ණාභරණ කොල්ල කාලා…
ආර්ථික අපහසුකම් නිසා ජීවත් වීමට නොහැකි බව පවසා පසුගිය අගොස්තු මාසයේදී කිළිනොච්චියේ සිට ඉන්දියාවට සරණාගතයින් වශයෙන් පලාගිය තරුණයින් දෙදෙනෙකු කිළිනොච්චියේ අපරාධ රැසකට සම්බන්ධ නිසා ඔවුන්ව ඉන්දියාවේ තමිල්නාඩුවෙන් පිටුවහල් කිරීමට තමිල්නාඩු අධිකරණය 31 දා තීරණය කොට තිබේ.
මෙම තරුණයින් දෙදෙනා ඉන්දියාවට පලා ගොස් ඇත්තේ කිළිනොච්චියේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳ සැල් දෙකක් කොල්ල කා රුපියල් මිලියන 60 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා මුදල් කොල්ල කෑමෙන් පසුවය.
ඊට පෙරද මේ තරුණයින් දෙදෙනා පළාතේ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළි වීමෙන් පසුව ඔවුන්ව ආපසු ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩු අධිකරණය තීරණය කොට තිබේ.







