දිනසේන රතුගමගේ –
2020 වසරේ රට පුරා පැවති කොරෝනා වසංගතය හේතුවෙන් හා ඊට පසුව ඇති වූ ආර්ථික දරිද්‍රතාවය හේතුවෙන් උතුරු පළාතේ පාසල් සිසුන් පාසල් අතහැර යාමේ වේගය ඉතා ඉහල ගොස් ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වි තිබේ.
උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. උදයකුමාර් ප්‍රකාශ කළේ 2020 වසරේදී කොරෝනා ව්‍යසනය හට ගැනීමෙන් පසුව වයස අවුරුදු 14 හා 16 අතර සිසුන් 485 දෙනෙකු උතුරු පළාතෙන් පාසල් අධ්‍යාපනය හැර ගොස් විවිධ රැකියාවන් තෝරාගෙන ඇති බවයි.
2021 වසරේදී පාසල් හැර ගිය සංඛ්‍යාව 105 ක් දක්වා අඩු වී ඇතත් 2022 වසරේ මේ දක්වා කාලය ඇතුළත උතුරේ පාසල් සිසුන් 519 පාසල් හැර ගොස් ඇති බවද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමාපියන්ගේ ජීවනෝපාය අහිමි වී ඇති බැවින් පාසල් සිසුන් පළාත හැර කොළඹ ඇතුළු ප්‍රදේශවලට රැකියා සොයා ගොස් ඇති නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.







