ජනාධිපති කාර්‍යාල නිල වෙබ් අඩවිය ඇතුළු රජයේ අමාත්‍යාංශ, ආයතන ගණනාවක නිල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අසත්‍ය නිවේදනය පලකිරීම සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ.
රහස් පොලිස් අත් අඩංගුවට ගත් රජීව් යසිරු කුරුවිටගේ අධිකරණයට අද (8) ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (ITSSL) යනුවෙන් නම් කරන ලද සංගමයක ලිපි ශීර්ෂයක් යටතේ එහි සභාපතිවරයා ලෙස ඔහු විසින් මෙම නිවේදන පල කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇත්තේ එවැනි සයිබර් ප්‍රහාරයක් සිදුවී නොමැති බවයි.
මෙලෙස අසත්‍ය නිවේදන පළ කිරීම නිසා එම නිල වෙබ් අඩවි මගින් තොරතුරු ලබා ගත් පුද්ගලයන් තවදුරටත් තොරතුරු ලබා ගැනීමෙන් වැළකීමේ සිද්ධීන් වාර්තා වූ බවත් අනතුරුව එම නිල වෙබ් අඩවිවල තොරතුරු සම්බන්ධයෙන් ජනතාව සැකසංකා පළකළ බැවින් එලෙස සිදුවූ අහිතකර තත්ත්වය සලකා මෙම විමර්ශනය කර ඇත.
මේ පිළිබද විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි.