Sinopec Energy Lanka සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා විසින් අනුමත කර වහාම ක්‍රියාත්මක කරනු ලැබූ සංශෝධිත ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර එය තවදුරටත් රුපියල් 358කට අලෙවි කෙරේ.
කෙසේ වෙතත්, පෙට්‍රල් 95 ලීටරයක මිල රු. 6 කින් ඉහළ දමා ඇත. ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420කි.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇත. නව මිල රුපියල් 348 කි.
ලංකා සුපර් ඩීසල් මිල රු. 61ක තීව්‍ර වැඩිවීමක් ප්‍රකාශ කර තිබේ. ලංකා ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 417 කි.
මෙම මිල ගැලපීම් රට පුරා ඇති සියලුම Sinopec franchise පිරවුම්හල් සඳහා අදාළ වේ.
China Petroleum & Chemical Corporation (Sinopec) හි අනුබද්ධිත Sinopec Lanka, 2023 සැප්තැම්බර් 1 වන දින ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරන ලදී.
සිනොපෙක් ලංකා සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 20ක බලපත්‍රයක් ලබා දී තිබේ. ඔවුන් ඉන්ධන අලෙවි ආරම්භ කළේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිලට වඩා පෙට්‍රල් සහ ඩීසල් සඳහා ලීටරයක් 3.00ක මිල අඩුකිරීමක් සමගය.
කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සංශෝධිත ඉන්ධන මිල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.