පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරුව සැකසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීම මත ගලවා දැමූ වැව් බැම්ම ආසන්නයේ අලි වැට යළි සැකසීම අද යළි ආරම්භ කර තිබේ.
මීටර 800ක් පමණ දිගට ගලවා දැමූ අලි වැට නිසා පොලොන්නරුව පත්තිනිපෙදෙස ගම්වාසීහු ඊයේ පොලොන්නරුව වෑ කන්ද මත වූ පත්තිනි දේවාලය අසලට පැමිණ විරෝධතාවයක නිරත වූහ.
මේ මිනිස්සුන්ගේ ගැටලුව ගැන විමසීමට පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද (27) උදෑසන පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට පැමිණියහ.
මෙම අලි වැට පරාක්‍රම සමුද්‍ර පරිශ්‍රයේ පිහිටි දිසාපති නිල නිවස අසල සිට පොළොන්නරුව තානායම දක්වා කොටසේ ඉවත් කර තිබිණි.
භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාවගේ දැඩි විරෝධය හමුවේ අලි වැට යළි සැකසීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තේ,