ලෝක බැංකු ආධාර ලෙස ලැබීමට නියමිත ඩොලර් මිලියන 750ක ණය අධාර මුදල සමාජ ආරක්ෂණ ලාභීන් පිළිබඳ නිවැරදි දත්ත රැස් කරගන්නා තුරු නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
මෙම ණය ආධාර මුදල ලබා දීම සම්බන්ධ මූලික කොන්දේසි හයෙන් එක්ක වී තිබුණේ රටේ ප්‍රධාන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබන පුද්ගලයින් සම්බන්ධව නිවැරදි විගණනයක් සිදු කිරීමය.
සමාජ ආරක්ෂණ ප්‍රතිලාභීන් අතර දුගී බවේ රේඛාවෙන් ඉහළ සිටින පුද්ගලයින් ද ගණනාවක් සිටින බව අනාවරණය වී ඇතැයි ලෝක බැංකු නියෝජිතයින් රජයට දන්වා තිබේ.
ආධාර අවශ්‍ය පුද්ගලයින් සොයා ඔවුන් සඳහා රුපියල් 14000ක මාසික දීමානාවක් ගෙවීමට තීරණය කර ඇත. ඒ සඳහා මාර්තු 31ට පෙර සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හිමි විය යුතු පුද්ගලයින් හඳුනා ගන්නා ලෙස ලෝක බැංකුව විසින් දන්වා තිබුණ ද ඒ සඳහා අප්‍රේල් 31 තෙක් කල් ඉල්ලා ගැනීමට රජය කටයුතු කර තිබේ.
සමාජ සුබසාධන ප්‍රතිලාභ මණඩල සභාපති පී. විජේරත්න පවසන්නේ පවුල් ලක්ෂ 37ක් සමාජ ආක්ෂණ ප්‍රතිලාභ ඉල්ලා ඇති බවත් ඉන් ලක්ෂ 24ක් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ඇති බවත්ය.
තව පවුල් ලක්ෂ 13ක් ගැන තොරතුරු සොයා බලමින් ඇත. මෙම දත්ත ගොනු නිවැරදිව ඉදිරිපත් වනතුරු අදාල ණය මුදල නිකුත් වන්නේ නැත.