දෘශ්‍ය හා රංගන කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය’
දිවි සැරියෙන් සමුගන්නා විට ඔහු 72 වැනි වියේ පසුවූයේය.
පහතරට නර්තනයේ ජීවමාන නර්තන විශාරදයා වූයේ ඔහුය. පහතරට නර්තන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය නව මගකට යොමුකළ මෙම විද්වතා විෂයගත පර්යේෂණ කෘති 30ක් බිහි කළේය.
සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරයා ඔහුය. පළමු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වූයේත් මේ විද්වතාය ශ්‍රී ලංකා නැටුම්, ඉන්දියානු නැටුම්, සංගීතය, ජනප්‍රවාද සහ ජන කලා යන විෂයයන් යටතේ ඔහු ප්‍රකාශයට පත් කර ඇති පර්යේෂණ කෘති ගණන 30 කි. එම පර්යේෂණ කෘති රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන නර්තන ශිල්පියෙකු සහ නර්තන අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් බාහිර නිෂ්පාදකයෙක් ලෙසත් මහදුරු ජයසේන කෝටේගොඩ සාය දායකත්වය සැපයීය.
නිර්මාණශීලී නර්තන අධ්‍යක්ෂකවරයෙක් ලෙස සහ රාජ්‍ය උත්සව අලංකාර කිරීමට ඔහු කළ කැපවීම විශිෂ්ටය. ඔහුගේ නිර්මාණශීලී නර්තනාංග විදේශීය රටවල සහෘද පිරිස් පිනවූයේය. ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් දෙදෙනෙකුගෙන් ජනාධිපති සම්මානලාභී කලාකරුවෙකු. සිංගප්පූරුවේ ආසියානු අධ්‍යාපන විශිෂ්ටතා සම්මාන සංවිධානයෙන් ““EDUCATION LEADERSHIP AWARD” සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් “දේශනෙත්තෘ” සම්මානයෙන් මෙම විද්වතා පිදුම් ලැබුවේය.
මහැදුරු ජයසේන කෝට්ටේගොඩ ගේ දේහය හෙට ( 15 ) දින උදෑසන සිට බොරලැස්ගමුව, 10 වන සැතපුම් කණුව පාරේ, 480/2JK දරන ඔහුගේ නිවසේ තැන්පත් කරනු ලැබේ.
අවසන් කටයුතු 2025 අප්‍රේල් 17 වන දින බොරලැස්ගමුව සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර ඇත .







