මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි . අද උදේ වරුවේ සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බස් රථයේ රියදුරුය.
මාවනැල්ල සිට වන්දනා නඩයක් රැගෙන පැමිණි බස් රථයක් ත්‍රිකුණාමලයේ දෙසට ගමන් කරමින් අනාරක්ෂිතව සහ වගකීම් විරහිතව කැබ් රථයට ඉස්සර කිරීමට යෑමේදී බස් රථය කැබ් රථයේ ගැටී ඇත.
අනතුරුව පාලනයකින් තොරව ඇදී ගිය බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියේ මුහුණට මූණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය අයගේ මෘත ශරීරය කන්තලේ රෝහලේ තබා ඇත







