උත්සව සමයේදී අපේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන කළමනාකරණය කිරීම වෙනුවෙන් අලුත් අවුරුද්ද අමතක කර රට පුරා පොලිස් නිලධාරීන් 35,000 කට වැඩි පිරිසක් යෙදී සිටිති.
අලුත් අවුරුදු සමයේදී උත්සව, සංගීත සංදර්ශන සහ සැණකෙළි ඇතුළු විවිධ අලුත් අවුරුදු ක්‍රියාකාරකම් සඳහා මහජන රැස්වීම් අපේක්ෂා කරන ප්‍රදේශවල විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල, කිරුළපන සහ බම්බලපිටිය වැනි ප්‍රදේශවල මෙන්ම ආගමික ස්ථානවල මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 6,000 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.







