සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල මණ්ඩලය වහළ උඩ ඇති සුරිය පැනල තාවකාලිකව අක්‍රීය කරන්න කීවේ ඇයි?… තේරෙන සිංහලෙන් කියවන්න…

by editor
අප්‍රේල් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම වහල උඩ සූර්ය බලශක්ති පද්ධති හිමිකරුවන්ගෙන් 2025 අප්‍රේල් 21 වන දින දක්වා දිවා කාලයේදී (පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා) ස්වේච්ඡාවෙන් තම සූර්ය PV පද්ධති අක්‍රිය කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම ඇතැමෙකුට දේශපාලන දඩයමක් සඳහා වූ ගොදුරක් වී තිබේ. ඇතැමෙකුට මෙය මහා පාවාදීමක් සම්බන්ධ ජාවාරමකි. විදුලි බල මණ්ඩලය මේ ඉල්ලීම සිදුකළේ ඇයි?.

මේ ඉල්ලීම සිදුකරන ලද්දේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජාතික විදුලිබල ජාලයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා දැඩි සැලකිල්ලක් දක්වමිනි. මෙම ඉල්ලීම කරනු ලැබුවේ අතිශය ප්‍රායෝගික තත්ත්ව කළමනාකරණයක් සඳහාය. මේ දිනවල විදුලිය සම්බන්ධ පාරිභෝගික ඉල්ලුම ඇත්තේ අවම මට්ටමකය. පරිසරයේ දැඩි අවුව සහිත කාලගුණ තත්ත්වයක් පවතී. මේ පසුබිමේ දී වහල උඩ සූර්ය පැනල මගින් ඉහළ බලශක්ති නිෂ්පාදනයක් සිදුකරයි. ඉහළ බලශක්ති නිශ්පාදනයන් සෑම විටම යහපත් වන්නේ නැත. මෙවැනි තත්ත්වයන් තුළ සිදුවන්නේ පවතින තාක්ෂණික පිරිවිතරයන් තුළ විදුලි බල පද්ධතියේ ජාලක ස්ථායිතාව පිළිබඳ බරපතල අවදානම් ඇති වීමය.

තාක්ෂණික අභියෝගය සරලව තේරුම් ගනිමු

දිගු අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන විට සහ හිරු එළිය බහුල වන විට, විදුලිබල පද්ධතිය මෙම අභියෝගයට මුහුණ දෙයි. වෙනත් ඕනෑම රටකත් මෙවැනි තත්ත්වයන් තුළ මෙය සිදුවිය හැකිය.

සිදුවන්නේ මෙයයි.

  • දිවා කාලයේදී අධික සූර්ය බලශක්තිය ජාලයට ගලා යයි.
  • ඉල්ලුම (භාවිතය) ඉතා අඩුය. හේතුව බොහෝ කර්මාන්තශාලා සහ කාර්යාල වසා දමා තිබීමය.
    මෙම තත්ත්වය සමතුලිත කිරීම සඳහා, ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජල විදුලිබල, ගල් අඟුරු සහ අනෙකුත් සියලුම තාප බලාගාර වැනි විශාල බලාගාර වසා දමයි.
  • එහෙත් පාරිභෝගිකයින් තමන්ගේ වහල මත ඇති සූරිය පැනල අක්‍රීය නොකරන්නේ නම් විදුලි බල මණ්ඩලයට එම සූර්ය බල පද්ධති වලින් නිෂ්පාදනය කරන විදුලිය පාලනය කළ නොහැක.
  • විශාල බලාගාර “අවස්ථිතිය” ලෙස හඳුන්වන ජාලයට තීරණාත්මක සේවාවක් සපයන අතර එය විදුලි සංඛ්‍යාතය ස්ථාවරව තබා ගැනීමට උපකාරී වේ. සූර්ය බල පද්ධතිවලට ජාලයට එවැනි සහතිකයක් ලබා දිය නොහැක.

අවස්ථිති බව යනු කුමක්ද?

අවස්ථිති බව ප්‍රධාන වශයෙන් සපයනු ලබන්නේ විශාල ජනක යන්ත්‍රවල භ්‍රමණය වන ස්කන්ධය මගිනි. එය ජාලයට බලයේ හදිසි වෙනස්කම් වලට ඔරොත්තු දීමට උපකාරී වේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ප්‍රමාණවත් අවස්ථිති බවක් නොමැතිව, කුඩා දෝෂයකින් පවා වෝල්ටීයතා හෝ සංඛ්‍යාත ගැටළු ඇති කළ හැකිය. එය අර්ධ හෝ සම්පූර්ණ විදුලිය ඇනහිටීම් වලට තුඩු දිය හැකිය.

ඉහත වගුව අප්‍රේල් 11 සහ 12 දිනවල පස්වරු 12.30 ට ඇස්තමේන්තුගත පාරිභෝගික ඉල්ලුම සහ විදුලි උත්පාදනය සංසන්දනය කරයි. එය සාමාන්‍ය සතියේ දිනයක් සමඟ සංසන්දනය කරන විට විවිධ තත්වයන් යටතේ ජාලකය කෙතරම් ස්ථාවර හෝ අස්ථායී වේද යන්න ඉස්මතු වී පෙනේ. අප්‍රේල් 12 වන දින ලංකා විදුලි බල මණ්ඩලය විසින් තත්ත්වය කළමනාකරණය කළ ආකාරය සහ එය කළමනාකරණය නොකළේ නම් පද්ධති අවස්ථිතිය කුමක් වනු ඇත්ද යන්න ද වගුවේ දැක්වේ.

මෙම කාලය තුළ, ජාතික විදුලිබල පද්ධතියේ ඉල්ලුම උදෑසන කාලයේ දී මෙගාවොට් 1550 දක්වා අඩු විය. ඒ සමඟම, සූර්ය විදුලි බල උත්පාදනයේ වැඩිවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ස්ථායිතාව සඳහා ඉතා වැදගත් වන ජල විදුලිබල සහ තාප බලාගාර වැනි විශාල සමමුහුර්ත ජනක යන්ත්‍ර වසා දැමීමට සිදුවිය.

අප්‍රේල් 12 වන දින, විදුලි සැපයුම ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට ලංවිම ක්‍රියාශීලී පියවර ගත්තේය. මෙම පියවර මගින් ජල විදුලිබල සහ තාප වැනි සාම්ප්‍රදායික බලාගාර මගින් සපයනු ලබන තීරණාත්මක ස්ථායීකරණ බලවේගයක් වන ජාලකයේ “අවස්ථිතිය” 56% ක් ලෙස පැවතීම සහතික කරන ලදී. එය හදිසි ජාල බිඳවැටීමක් වැළැක්වීමට ප්‍රමාණවත් (පරිපූර්ණ නොවූවත්) මට්ටමකි.

මෙම මැදිහත්වීම නොමැතිවූයේ නම් අවස්ථිති සහාය 34% දක්වා පහත වැටෙනු ඇත. එය සුළු බාධා කිරීම් පවා පුළුල් ලෙස විදුලිය විසන්ධි වීමට හේතු විය හැකි භයානක ලෙස අඩු මට්ටමකි. අවදානමට ලක්විය හැකි කාල පරිච්ඡේදයක් තුළ විදුලිබල මණ්ඩලයේ ක්‍රියාමාර්ග ජාලය ආරක්ෂා කළ ආකාරය මෙයින් ඉස්මතු වේ. අලුත් අවුරුදු නිවාඩු දිනවල ඉතිරි දිනවල සමාන අවදානම් වළක්වා ගැනීම සඳහා අඛණ්ඩ මහජන සහයෝගීතාවය අවශ්‍ය වන්නේ මන්දැයි දැන් ඔබට අවබෝධ වනු ඇත.

වහල උඩ සූර්ය බලශක්තිය තාවකාලිකව සීමා කළ යුත්තේ ඇයි?

සියලුම වහල උඩ සූර්ය පද්ධති ලංකා විදුලි බල මණ්ඩලයේ පාලන මධ්‍යස්ථානයට දැකීමට හෝ පාලනය කිරීමට නොහැකිය.
ඒවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ පාරිභෝගිකයින්ගෙන් ලැබෙන සැබෑ විදුලි ඉල්ලුම මත නොව, හිරු එළිය මත ය.

ඉල්ලුම අඩු වූ විට සහ සූර්ය ප්‍රතිදානය ඉහළ වූ විට, සාම්ප්‍රදායික බලාගාර අක්‍රිය කිරීමට බල කෙරෙන අතර එමඟින් ජාලකය අස්ථායී වේ.

බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS), ජල බැටරි සහ ජාල-සාදන ඉන්වර්ටර් බහුලව යොදවන තුරු, ශ්‍රී ලංකාවේ ජාලකය අවස්ථිති බව සැපයීමට සහ ස්ථාවරත්වය සහතික කිරීමට විශාල සමමුහුර්ත යන්ත්‍ර මත විශ්වාසය තැබිය යුතුය. වර්තමානයේ, ශ්‍රී ලංකාවේ මෙම සහාය ලබා දිය හැකි ප්‍රමාණවත් BESS හෝ දියුණු සූර්ය ඉන්වර්ටර් නොමැත,

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් මිලියන 7 කට වඩා වෙති. වහල මත සූර්ය බලශක්ති හිමිකරුවන් 100,000 ක් පමණ සිටිති. නමුත් ජාලකය අස්ථාවර වූ විට, සෑම කෙනෙකුම අවදානමට ලක්ව ඇත.

ක්‍රියා කිරීමට කැඳවීම

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ජාලකය ස්ථාවරව හා ආරක්ෂිතව තබා ගැනීමට ඉඩ සලසමින්, සියලුම සූර්ය බල පද්ධති හිමිකරුවන්ගෙන් සෑම දිනකම උදේ 9:00 සිට සවස 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම පද්ධති අක්‍රිය කරන ලෙස විදුලි බල කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ජාතික අර්බුදය නිසාය. මේ පිළිබඳව සියලුම සූර්ය බල පද්ධති හිමි පාරිභෝගිකයින්ට තනි තනිව SMS පණිවිඩ යවමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිහි කැඳවීම් කරනු ලබයි.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය පොදු ජනතාවගෙන් කරන මෙම ඉල්ලීම මහ පොළොවේ ඇති යථාර්ථය මත පදනම්ව කරන්නකි.

එය දේශපාලන අර්ථයකින් හෝ වංචාව, දූෂණය වැනි සුලබ තේමාවන් ඔස්සේ විග්‍රහ කරන ආකාරය කළකිරවන සුළුය. සමාජයක් ලෙස අප යථාර්ථය අවබෝධයෙන් ගැටලු විසඳා ගත යුතුව තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාරක රිය අනතුරකින් සැමියා සහ බිරිය එතැනම මිය යයි… දරුවන් දෙදෙනා බරපතල තුවාල සහිතව රෝහලේ!

Next Post

අපේ ආරක්ෂාව සඳහා අවුරුදු අමතක කර පාරට බැස්ස 35000ක් මිනිස්සු!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.