මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා ලබන 18 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ එම නිලධාරීන් අද (04) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02 වන දා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මඟින් අත්අඩංගුවට ගැනිණ.
අනතුරුව ඔහු ඊයේ (03) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
සෙසු නිලධාරීන් තිදෙනා ඊට පෙර අත්අඩංගුවට ගැනුණි.