අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ පොලිස් නාටකය ගැන නීතිපති ආරක්ෂක ලේකම්ට කියයි

by Lanka Sara Editor
අගෝස්තු 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට බන්ධනාගාරය තුළ දී විශේෂ වරප්‍රසාද නීති විරෝධී ආකාරයෙන් ලබා දී ඇති බවට චෝදනාවට ලක්ව ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ ඔහුට මීගමුව පොලිසියේදී ලද විශේෂ සැපසහසුකම් පිළිබඳව අද උදෑසන නීතිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම්වත් කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

දිලීප පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේඅසැකකාර අනුරුද්ධ සම්පායෝ අධිකරණය වෙත ඉදිරිපත් කප අවස්ථාවේදී ඔහුට ඇප ලබා දිමට විරෝධය පළ කරමින් සිදු කරන ද කරුණු දැක්වීමේදීය.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී විභාග වුණු මෙම නඩුවේ දී දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ ඊයේ කුරුණෑගල දී පොලිස් අත්අඩංගුවට පත් වූ අකාරය සම්බන්ධයෙන් සිදුවූ සිදුවීම් පෙළ පිළිබඳ ව පොලිස්පතිවරයාගේ ද අවධානය යොමු විය යුතු බව සහ මේ පිළිබඳව සොයා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

සැකකාර අනුරුද්ධ සම්පායෝ සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර සම්පායෝ නියෝජනය කළ නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට අංශභාග තත්ත්වයේ සිටින සිය බිරිඳ දැඩි මානසික පීඩාවට ලත්ව ඇති බව සහ ඔහුගේ දියණිය වෛද්‍ය සිසුවියක වන බැවන් ඔවුන්ගේ මානසිකත්වය සලකා ඔහුට දැනට පවතින චෝදනා ඇප ලැබිය හැකි ඒවා බැවින් ඇප ලබා දෙන ලෙසය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එසේ වුවද ඊට විරෝධය පළකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ ඔහු වෙනත් වරෙන්තුකරුවන්ට වඩා වෙනස් ස්වරූපයෙන් කටයුතු කළ බවය. එසේම ඔහු අත්අඩංගුවට පත්වීමේ ක්‍රියාලියද ප්‍රශ්න සහගත බව සඳහන් කළ සඳහන් නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කුරුණෑගල සිටින පුද්ගලයකුට අධිකරණ ව‍රෙන්තුවකට අනුව පොලිසියට බාර වීම මීගමුවේ කිලෝ මීටර 72ක් ගෙවා මීගමුව පොලිසියෙන්ම යෑම ප්‍රශ්න සහත බවය.

එසේම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ෆෙඩ්රික් වුඩ්ලර් ඔහුගේ පාසලේ ආදි ශිෂ්‍යයකු ව බැවින් වරද කියා දී කුරුණෑගලදී අත්අඩංගුවට පත් බව දන්වා ඇති බවත් සම්පායෝ ද මේ බව තම කටඋත්තරයේ සටහන් කර ඇති බවද පැවසූ දිලීප පීරිස් මහතා මීගමුවට රැගෙන ආ සම්පායෝට වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වඩා වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මක වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ජීප් රථයේ පසුපස ආසනයේ ටයි කෝට් පැළඳ පැමිණි ඔහුට මාධ්‍යවලට ප්‍රකාශ ලබා දිමට ද පොලිසිය ඉඩ ලබා දී ඇති අතර මීගමුව පොලිසිය රජ දහනක් කරගෙන තේ පැන් සංග්‍රහයක් ද පවත්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

එසේම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උදෑසන 9.00ට පමණ පොලිස් ස්ථානයෙන් පිටත්ව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ පස්වරු 3.35ට පමණ බවය. මේ අතර සිදුවූ ක්‍රියාදාමය කුමක්ද යන්න සීසීටීවි විමර්ශෂණය කොට අධිකරණයට වාර්තාවක් දෙන ලෙස ද දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඔහු එහිදී අනාවරණය කළේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද උදෑසන නීතිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාද දැනුම්වත් කිරීමට පියවර ගත් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක් මන්ත්‍රිවරයකුගේ දියවන්නා තරණ මහජන වියදම තුන්කෝටි හැත්තෑ හත්ලක්ෂයක්

Next Post

ඡන්ද පහසුවට මුලතිව් හමුදා මුරපලවල් ඉවත් වේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.