මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනකු වූ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ අද (03) ස්වකීය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙමින් ඔවුන් පවසා ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම තුළ තවදුරටත් සිය සේවය සැපයීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බවය.
එම කොමිසමේ සාමාජික මොහාන් සමරනායක සිය ඉල්ලා අස්වීම ලිපියේ සඳහන් කර ඇත්තේ මේ වනවිට මහජන උපයෝගිතා කොමිසම තුළ වෘත්තීමය නොවන අසහනකාරී, දරාගත නොහැකි සේවා පසුබිමක් උද්ගත වී ඇති බවය.
එම තත්ත්වය පසුගිය ජනවාරි 20 වැනි දින හටගත් සිද්ධියෙන් කූටප්රාප්තියට පත් වූ බවත්, කොමිෂන් සභා කාර්යාලය තුළට අනවසරයෙන් ඇතුළු වූ මැර පිරිස් තමාට හා කොමිසමේ අනිත් සාමාජිකයාට සිදු කළ තර්ජන කොමිෂමේ සභාපතිවරයා විසින් නොසලකා හැරි බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම කොමිසම් පනතේ 9(5) වගන්තිය උල්ලංඝනය වන අයුරින් අත්තනෝමතික ලෙස කටයුතු කරන බව ද ඔහු දන්වා ඇත.
ඒ හරහා අනෙකුත් සාමාජිකයින්ගේ බලය සහ අවශ්‍යතාව ශුන්‍ය වී ඇති බව ද මොහාන් සමරනායක මුදල් අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දන්වා තිබේ.