ජාවාරම්කරු සීසීඩී පොලිස් නිලධාරියෙක්
සපුගස්කන්දේ වඩු මඩුවක සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් අද අළුයම අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත මෙම කුඩු තොගය සොයාගෙන ඇති අතර මෙම කුඩු තොගයේ හිමිකරු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකුවට හඳුනාගෙන තිබේ.
කෙසේ වුවද වැටලීම සිදුවන අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරියා සිට නොමති අතර වඩුමඩුව පවත්වාගෙන යන ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇත.
වසර 10කට ආසන්න කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන මෙම පොලිස් නිලධාරියා කලක පටන් මෙම ජාවාරම කරගෙන ගිය බවට මූලික විමර්ශණවලදී හෙළිව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරමින් සිටින බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.