-
ඇමති සම්බන්ධීකරණ ලේකම්ගේ වාහන දෙකක් පොලිස් අත්අඩංගුවට…
සඳගල සොරා ගැනීම සම්බන්ධව සැකයට ලක් වි ඇති ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ පුතෙක් හිටි හැටියේම විදේශගතවිමේ සූදානමක් සම්බන්ධව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඔහු මෙතෙක් දැරූ පුද්ගලික ලේකම් සම්බන්ධීකරණ ලේකම් යන තනතුරු වලින් ඉවත් වීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
මේ අතර පල්ලේකැලේ පුරාවිද්‍යා භූමියේ තිබියදී සොරාගත් සඳගල සම්බන්ධයෙන් ඉහත ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකුගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය.
මහනුවර අරුප්පල ප්‍රදේශයේ පිහිටි සම්බන්ධීකරණ ලේකම්වරයාට අයත් ව්‍යාපාරික ස්ථානයකට අද (09) පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් ඔහු එම ස්ථානයේ සිට නොමැත.
කෙසේ වෙතත් එම ස්ථානයේ තිබූ වාහන දෙකක් පොලිස් භාරයට ගෙන ඇතැයි වාර්තාවේ.
කිලෝ දහසකට වැඩි බරකින් යුත් සඳගල එම ස්ථානයෙන් ඉවත්කර ලොරි රථයට පැටවීම සඳහා යොදාගත් බූම් යන්ත්‍රය අදාළ ව්‍යාපාරිකයාගේ කොන්ත්‍රාත් සමාගමට අයත් එකක් බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
බූම් යන්ත්‍රය කුලී පදනම මත තමන් පිටස්තර පිරිසකට ලබාදුන් බවත් ඔවුන් එය කුමන කටයුත්තක් සඳහා යොදා ගත්තේද නොදන්නා බවත් ව්‍යාපාරිකයා ඔහුගේ හිතවතුන්ට පවසා ඇතැයි දැන ගන්නට ඇත.
අරුප්පොල පිහිටි ව්‍යාපාරික ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බව මහනුවර පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කීය.