සතොස සීනි කිලෝවක් රුපියල් 130 බැගින් අලෙවි කිරීමට කටයුතු කරමින් සිටී.
එහෙත් එක් පාරිභෝගියෙක් සඳහා අලෙවි කරන්නේ එක් සීනි කිලෝවක් පමණි.
වෙළෙන්දන් සීනි කිලෝවක් රුපියල් 270ක මිලකට අලෙවි කිරීමත් සමග මෙම තීන්දුව රජය වසින් ගෙන තිබේ.
එළැඹෙන බදාදා දින වන විට සීනි කිලෝවක් රුපියල් 130ක් වැනි මුදලකට ලබාදීමට මැදිහත් වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ඊයේ ( 30) කීවේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කීවේ සතොසට සහ සමූකාපාකාර සමිති වලට සීනි ටොන් 1750ක් ලංකා සීනි සමාගමෙන් ලබාදෙන්න කටයුතු කර ඇති බවයි.
අද 31 දිනයේදී ගල්ඔය සීනි කර්මාන්තශාලාවෙන් තවත් සීනි ටොන් 600ක් ලබාදෙන්න කටයුතු කරන බවත්, සතොසට සහ සමූපාකාර වලට අවශ්‍ය ප්‍රමාණ ලබා ගන්නා ලෙසත් ඔහු කීවේය.
එහෙත් අවශ්‍ය පමණ සීනි තොග නොමැති බව සමාගම් ආරංචි මාර්ග හෙළි දරවු කර තිබිණි.
සුපිරි වෙළෙඳසල් හරහා සීනි කිලෝව අලෙවි වන්නේ රුපියල් 270ක මිලකටය.