ලිට්රෝ ගෑස් සමාගම එල්.පී ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කළ බව අග්රාමාත්ය කාර්යාලය කියයි.
ලෝක බැංකුව විසින් සපයා ඇති ඩොලර් මිලියන 70ක අරමුදලකින් හා ලිට්රෝ ගෑස සමාගම විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 20කින් ගෙවීම් සිදුකළ මෙම ගෑස් මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි.
මෙම තොගය මාස හතරකට රටට ගෑස් සැපයීමට ප්රමාණවත් වනු ඇතැයි ද අග්රාමාත්ය කාර්යාලය පවසයි.
මෙම ගෑස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇතැයි ද එයින් කිලෝග්රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇතැයි ද ඉතිරි ගෑස් 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇතැයිද අග්රාමාත්ය කාර්යාලය කියයි.
ගිවිසුමට අනුව ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික ගෑස් තොගය ජූලි මස මුල් සතිය වන විට ශ්රී ලංකාවට පැමිණෙනු ඇත.
පැමිණි වහාම එම ගෑස් තොග බෙදා හැරීමට සැලසුම් කර තිබේ.