මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගය රටපුරා සීග්‍රයෙන් පැතිර යාමට පටන් ගෙන ඇතැයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.
මේ වසර තුළ ඩෙංගු රෝගීන් 30765ක් වාර්තා වී ඇති අතර මෙය පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරන්ති සෙනෙවිරත්න සදහන් කරයි.
පසුගිය නොවැම්බර් මාසය තුළ ඩෙංගු රෝගීන් 4561 දෙනෙකු වාර්තා වී ඇති අතර දෙසැම්බර් මාසයයේ ගත වූ සති දෙකක කාලය තුළ ඩෙංගු රෝගීන් 3715ක් දෙනා වාර්තා වී ඇතැයි ඇය පැවසුවාය.
මේ දිනවල දින දෙකකට වඩා උණ පවතින්නේ නම් හා ඇස්යට තදබල වේදනාවක් දැනෙන්නේ නම් එය ඩෙංගු රෝගය විය හැකි බවට සැක කරමින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්නැයි විශේෂඥවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි
ප්‍රතිකාර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සංකූලතාවන් මතුවිය හැකි බැවින් රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීමෙන් ඇතිවිය හැකි බරපතල තත්ත්වයන් මගහරවා ගත හැකි වනු ඇතැයි ඇය පෙන්වාදේ.







