ශ්‍රියානි විජේසිංහ –
සතියකට ඩෙංගු රෝගීන් 2000ක් පමණ වාර්තා වන බැවින් දැනට පවතින මෝසම් වර්ෂාවත් සමග මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැක බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කරයි.
මේ වසරේ ගෙවී ගිය මාස කීපය තුළ ඩෙංගු රෝගීන් 30000ක් ඉක්මවා ගොස් අතැයි ද හෙතෙම පෙන්වාදෙන අතර උණ රෝගය වැළදී පැය 48ක් තුල රුධිර පරික්ෂාවක් කර ඩෙංගු රෝගයද නැද්ද යන වග තහවුරු කර ගන්නා ලෙස අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.
සංකූලතාවන් පෙන්නුම් කරන ඩෙංගු රෝගීන් සඳහා ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් සේලයින් අවශ්‍යතරම් රෝහල්වෙත බෙදා හැර ඇති බවත් තවත් තොගයක් මේ මස ලැබීමට නියමිත බවත් වෛද්‍ය ආරියරත්න පැවසුවේය.
කෙසේ නමුත් සංකූලතාවන් මතුවෙන් තෙක් නිවසේ නොසිට හැකි ඉක්මනින් රෝහල්ගත වීමෙන් සංකූලත්වන් මතුවීම හෝ මරණය පත්වීමට හැකි පමණ අවම කර ගත හැකි බවද හෙතෙම පෙන්වාදේ.