බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කෝටි දෙකක රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ ගන්න 40 වියැති බිරිය මැරූ 25 හැවිරිදි සැමියා  – අවුරුදු 02ක් සැලසුම් කළ මිනීමැරුමක මුල මැද අග…

by editor
මැයි 7, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

සිය බිරිදට හිමි රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් රිය අනතුරක් සිදු කොට බිරිද ඝාතනය කළේ යැයි සැක පිට පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා 2023 මැයි මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් දුමින්ද ලේල්වල ඊයේ  (06) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ‘සුරනිමල’ ඇතුමලේ, ගාල්ල ලිපිනයේ පදිංචි දිනිත් සදීර පණ්ඩිත (25) නැමැති අයයි.

රිය අනතුරින් මියගොස් ඇත්තේ දියකිතුල්කන්ද, වත්තහේන, පිටිගල ලිපිනයේ පදිංචි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනී (40) නැමැති අයයි.

මෙම ඝාතනයට අදාලව රිය අනතුර සිදු කිරීම සදහා රිය පැදවූ සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පිටිගල පොලීසිය කියයි. 

මොවුන් දෙදෙනා හදුනාගෙන තිබෙන බවත් මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුර සිදුකරන ලද CP DAD 7270, බොල්රූ වර්ගයේ කැබ් රථය, කාන්තාවගේ ස්වාමිපුරුෂයා යැයි කියන ලද පුද්ගලයා පැමිණි යතුරු පැදිය හා හිස් වැසුම් නඩු භාණ්ඩ ලෙස පොලීසියේ භාරයට ගෙන තිබේ. 

මෙම කැබ් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවද පිටිගල පොලීසිය විසින් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙම කාන්තාව මිය යෑමට අදාල රිය අනතුර සිදුව ඇත්තේ 2023 අප්‍රේල් මස 30 වන දින ප.ව 4.30 ට පමණය. ඒ පිටිගල – මාපලගම මාර්ගයේ මානම්පිට ප්‍රදේශයේ මාර්ගය අසලදීය. 

මෙම ප්‍රදේශය ජනගහනය අඩු පාලු  ප්‍රදේශයක් බව පිටිගල පොලීසිය කියයි. රිය අනතුරකින් තුවාල ලද කාන්තාවක් මහමග අසල වැටී සිටින බවට පිටිගල පොලීසියට ලැබුණු නිර්ණාමික දුරකතන ඇමතුමකට අනුව පිටිගල පොලීසිය විසින් අදාල කාන්තාව ලඟම ඇති පිටිගල, ගල්ලිද ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ. 

එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි අනතුරට පත් කාන්තාවගේ ස්වාමිපුරුෂයා යැයි ප්‍රකාශ කළ අයෙකුද අදාල කාන්තාව රෝහලට ඇතුළත් කිරීමට පොලීසියට සහය දක්වා තිබේ. රෝහලට ඇතුළත් කරන විටත් මෙම කාන්තාව මිය ගොස් සිට ඇත.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි විගස මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ලෙස හදුන්වාදුන් අය පළමුවෙන්ම සොයා ඇත්තේ කාන්තාවගේ  මුදල් පසුම්බිය බවත් එය පොලීසියේ බලවත් සැකයට හේතු වූ බවත් පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. 

ගල්ලිද ග්‍රාමීය රෝහලේදී මියගිය කාන්තාවගේ ඥාතීන් සහ මෙම සැකකරු අතර ඇති වූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් පළමු සැකය හා සැකකරුගේ ආරක්ෂාව සදහා සැකකරු රෝහලේදී පොලීසියේ භාරයට ගත් බවත් පිටිගල පොලීසිය කියයි. 

එයින් පසුව දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය කරගත් බවත් පිටිගල පොලීසිය කියයි.

මෙම කාන්තාව කොළඔ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇත.  සිද්ධිය වූ දිනයේ කරන්දෙණිය, කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම් මාර්ගය අසට ගොස් මෙම කාන්තාව  කැදවාගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින්ම බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

කාන්තාව කැඳවාගෙන එද්දී රිය අනතුරේ ඉදිරි සැලසුම් අත් අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් දෙදෙනාට දුරකතනයෙන් දැනුම් දී තිබෙන බවත් පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් කාන්තාවට  නිසි වැටහීමක් නොවූ බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. 

සැකකරු අනතුර සිදු කිරීමට සැලසුම් කරන ලද ස්ථානයේ කාන්තාව බස්සවා ඉල්ලා ගත් හිස් වැසුම ආපසු ලබා දීමට යැයි පවසමින් පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවේදී පෙර සැලසුමට අනුව මාර්ගය අසල සිටි තරුණිය කැබ් රථයෙන් හප්පා පලාගොස් තිබේ.

අදාල කාන්තාව ඝාතනය කිරීමට වසර 02 ක පමණ කාලයක සිට ඇයගේ ස්වාමිපුරුෂයා යැයි කියන පුද්ගලයා සැලසුම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

රිය අනතුරක් සිදු කිරීමට අමතරව දියේ ගිල්වා ඝාතනය කිරීමට මෙන්ම ගෙලබැදි රන්මාලය කඩාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ තියුණු ආයුධයකින් ගෙලකපා ඝාතනය කිරීමටද සැකකරු සැලසුම් කර තිබූ බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසිය කියයි. 

මෙම කාන්තාව රක්ෂණාවරණ 04 ක් ලබාගෙන තිබෙන බවත් ඇය  මියගිය පසු රුපියල් කෝටි 02 කට අධික මෙම රක්ෂණාවරණ ප්‍රතිලාභ කාන්තාවගේ ස්වාමිපුරුෂයාට හිමිවන බැවින් එය ලබා ගැනීමේ අරමුණින් සිය බිරිද ඝාතනය කලත් බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාරගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පිටිගල, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් අබේරත්න (30964) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.   

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනයනික තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 15කින් ඉහළට… පාන් මිල වැඩිකිරිම ගැන තවම තීරණයක් නැතැයි බේකරි හිමියෝ කියති!

Next Post

සතියකට ඩෙංගු රෝගීන් 2000ක්… මේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකියි… සෞඛ්‍ය අංශ කියයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.