සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ජාතික වැඩසටහනක් අරඹා තිබේ. වැය අඩු කරමු – අය වැඩි කරමු යන තේමාව යටතේ ඇරඹුණු මෙම වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමේ සමාරම්භක උත්සවය කුරුණෑගල, ඉබ්බාගමුව මහා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්වුණු අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තවත් දිස්ත්‍රික්ක 16ක සණස සමිති සාමාජිකයෝ මේ සඳහා සජීවීව සම්බන්ධ වූහ. කුරුනෑගල දිස්ත්‍රික්කයේ සණස සමිති 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ 700කට අධික පිරිසක් මේ සඳහා එක් වී සිටියහ. සණස සමූහයේ ආයතන සියල්ලේම සහයෝගය ඇතිව ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා වූ පුළුල් සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වූ අතර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, සණස කැම්පස් සමාගම, සණස ඉන්ටනැෂනල් සමාගම සහ සණස මහා සංගමය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහිලා මූලිකව කටයුතු කරයි.
“රට මේ මොහොතේ පත් වී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට නම් රජයෙන් සහන දෙන තෙක් බලා සිටිය නොහැකියි. ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සියල්ලන්ම මේ සඳහා එක් විය යුතුයි. වැය අඩු කරමු – අය වැඩි කරමු වැඩසටහන ක්‍රියාතමක කරන්නේ මේ සඳහා වන මතවාදය ප්‍රචලිත කිරීමටයි. මෙහිදී අපි සියල්ලන්ටම පෞද්ගලිකව සහ කණ්ඩායමක් ලෙස එක් වී කළ හැකි දේ බොහෝමයි. ලොව පුරා සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සංකල්පය වන්නේත් එක් වී ක්‍රියාත්මක වීමයි.” ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසීය. ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් වසන්තා වර්ණකුලසූරිය, වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර, ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ජී. එල්. එම්. තිලක් බණ්ඩාර ගනේගොඩ, පොලිස් අධිකාරි චන්ද්‍රසේන බන්ඩාර, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සභාපති විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.