බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් 27/2 යටතේ බලශක්ති ඇමතිගෙන් ප්‍රශ්න 32ක ප්‍රශ්න පත්‍රයක් අහලා… පාර්ලිමේන්තුවේ ගෝට්ටියක්…

by editor
මාර්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් 27/2 යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නය අනු ප්‍රශ්න 32කින් යුතු ප්‍රශ්න පත්‍රයක් බවත්, එවැනි ප්‍රශ්න පත්‍ර ස්ථාවර නියෝගවලට පටහැනි බැවින් ස්ථාවර නියෝග යටතේ නැවත එම ප්‍රශ්නය අසන්නේ නම් සති දෙකක් තුළ පිළිතුරු ලබාදිය හැකි බවත් විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි අද ( 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ මෙම ප්‍රශ්න පත්‍රය සම්බන්ධව අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති ඇමතිවරයා කීවේ මෙවැන්නකි.

මා වෙත ඊයේ අපරභාගයේ ලැබුණු ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රශ්න අංක 6ක් යටතේ ප්‍රශ්න අහලා තිබුණා. ප්‍රශ්න අංක 1 යටතේ ප්‍රශ්න 08ක් , ප්‍රශ්න අංක 2 යටතේ ප්‍රශ්න 5ක්, ප්‍රශ්න අංක 03 යටතේ ප්‍රශ්න 5ක්, ප්‍රශ්න අංක 4 යටතේ ප්‍රශ්න 08ක්, ප්‍රශ්න අංක 5 යටතේ ප්‍රශ්න 4ක්, ප්‍රශ්න අංක 6 යටතේ ප්‍රශ්න 1ක් ද වශයෙන් අනු ප්‍රශ්න 32කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් මට ඊයේ ලැබුනේ.

හැබැයි ස්ථාව නියෝග 27/2 අනුව ” එසේ වුවද ප්‍රශ්නය අවසානයේ දී පොදු වැදගත්කමින් යුතු කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අදාල අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ නායකයා හෝ පිලිගත් දේශපාලන නායකයෙක් විසින් අසනු ලබනු හැකිය…” එහෙම ප්‍රතිපාදන තිබෙද්දි ඉහත පරිදි ඉදිරිපත් කිරීම ස්ථාවර නියෝග උල්ලංඝනය කිරිමක් ලෙස මට හැඟී යනවා.

ඒ වගේම මගේ අමාත්‍යාංශයට අමතරව මේ යටතේ ඇති ආයතනවලින් විශාල තොරතුරු ලබා ගත යුතුයි. විශේෂයෙන්ම මේ ඔව් නෑ බෑ උත්තර නෙමෙයි තිබෙන්නේ. දත්ත තියෙන්නෙ. මේ තරම් විශාල දත්ත ගොඩක් ඉතා කෙටි කාලයක් තුළ ලබාගෙන අමාත්‍යවරයා විසින් පරීක්ෂා කරලා අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඊයේ දවසේ පැය 03ක විතර කාලයක් තමයි ඊයේ දවසේ ලැබෙන්නේ. ඒක කරන්න අපහසුයි කියලා කරුණාවෙන් දැනුම් දෙන්න සිදුවෙලා තියනවා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඒ නිසා කථානායක තුමනි… ඔබතුමාගේ කාරුණික අවධානය මේ සඳහා යොමු කර මෙසේ මේ ස්ථාවර නියෝග එහි අරමුණට නොගැලපෙන ලෙස යොදා නොගන්නා ලෙස අදාල පාර්ශවයන්ට උපදෙස් ලබා දෙන්නැයි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ප්‍රශ්නය නිවැරදිව නිවැරදි ස්ථාවර නායෝග යටතේ ඉදිරිපත් කරන්නේ නම් පිළිතුරු ලබා දීමට කිසිම පැකිලීමක් නොවන අතර මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දීමට සති දෙකක කාලයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

සජිත් – ස්ථාවර නියෝගවලට අනුකූලවයි මේ ප්‍රශ්න මාලාව ඉදිරිපත් කළේ. මේ ඉදිරිපත් කළේ පුනර්ජනණීය බලශක්ති ය වෙනුවෙන්. එහෙම නැතිව ඩීසල් විදුලිබල මාෆියාව ආරක්ෂා කරන්න නෙමෙයි. මේක බරපතල ප්‍රශ්නයක් ගරු කතානායක තුමනි. සුනිත්‍ය බලශක්තිය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය මතයත් අපේ දිගටම මතයත් එකයි.

මේ ප්‍රශ්නය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කතා කරලා විසඳුමක් ගනිමු.

මෙතෙක් 27/2 යටතේ ප්‍රශන අහපු ක්‍රමවේදත් මම අහපු ක්‍රමවේදයත් වෙනසක් නෑ. කිසිම වෙනසක් නෑ. අහලා තියන ප්‍රශ්නයයි ගැටලුව. පුනර්ජනනී බල ශක්තිය ද ඩීසල් මාෆියාව ද කියන එක. ප්‍රශ්නයට උත්තරයක් ඕන. විපක්ෂ නායකවරයා කීවේය.

ප්‍රශ්නය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කතා කිරීමට තීරණය කෙරිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගුවන් නියමුවන් දෙදෙනා කුරුණෑගල රෝහලේ… අනතුර ගැන හොයන්න ගුවන් හමුදාපතිගෙන් විශේෂ කමිටුවක්…

Next Post

පුංචි ඡන්දයේ වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මහනුවරින්… ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 25%ක් ප්‍රතික්ෂේප වෙලා….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.