එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගයෙන් මෙවර මහ මැතිවරණයට නාමයෝජනා දුන් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු අපේක්ෂකයන් 54 දෙනකු ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අවලංගු කිරීමට අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ද පැවති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී මේ පිළිබඳ යෝජනාව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ගෙනෙන ලද අතර සභාවේ අනුමැතිය ඊට ඒකමතිකව හිමි විය.
මෙම තීරණයට හේතු වූයේ අදාළ අපේක්ෂකයන් සහ මහජන නියෝජිතයන් පක්ෂයේ විනය කඩමින් පක්ෂයට විය යුතු යුතුකම් පැහැර හරිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පවත්වන ලද විනය පරීක්ෂණයේ දී ඊට සහභාගිවීම ලිඛිතව හෝ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම මත නිදහසට කරුණු දැක්වීමට ඔවුන් අපොහොසත් වූ බැවින් බව පක්ෂ මහලේකම්වරයා විසින් යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
මීට අමතරව පසුගිය දා අධිකරණය මඟින් ද ඔවුන් වෙනත් පක්ෂයක සාමාජිකයන් බවට පිළිගෙන තිබුණි.
අද දින රැස් වූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව සම්මත කිරීමට අමතරව ඉදිරි මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී කටයුතු කළයුතු ආකාරය හා එහි ප්‍රගතිය පිළිබඳව ද සමාලෝචනය කර ඇත.
එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට උපදෙස් දී ඇත්තේ දැනට කොවිඩ් වසංගත පාලනය පිළිබඳ නිසි නීති නොමැති වුවද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඉදිරි ප්‍රචාරණ කටයුතුවල යෙදෙන ලෙස ය.