දිනසේන රතුගමගේ:
මුලතිව් පුදුකුඩුඉරිප්පු ආනන්දපුරම් පච්චෙයිපුල්මුඩේ ප්‍රදේශයේ වළලා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු බවට සැක කෙරෙන විවිධ වර්ගවලට අයත් පතරොම් කිලෝ 120 ක් සහ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 ක් 27 දා පුදුකුඩීරිප්පු පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර මේවා ගොඩ ගැනීම සඳහා මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව පුපුරණ ද්‍රව්‍ය ගොඩගෙන තිබේ.
ගොඩ ගන්නාලද පුපුරණ ද්‍රව්‍ය අතර විවිධ වර්ග වල පතරොම් කිලෝ ග්‍රෑම් 120 ක් බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 ක් ද වෙයි.
පුදුකුඩීඉරිප්පු පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.