රට පුරා විශාල පී.සී.ආර් ප්‍රමාණයක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකිරීමට සෞඛ්‍ය අංශ තීර්ණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
මෙම ඇන්ටිජන් ප්‍රමාණය පසුගිය 16 වැනිදා පැවති සමගි ජනබලවේග විරෝධතාවය පැවැත්වූ දින සිට 14 වැනි දිනය සම්පූර්ණවන නොවැම්බර් 30වන දනට සංවිධානය කරන ලෙස අමාත්‍යාංශ මට්ටමින් සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකටම දැනුම් දී ඇතැයි පැවසේ.
මේ වනවිට පවත්වාගෙන යන පරීක්ෂණ ඒ මට්ටමින් කරගෙන යන ලෙසද උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ. ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ මේ වනවිට සිදුකරන රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණ ඉතාම අඩු ප්‍රමාණයකට සීමා කර ඇති බවය.
ඒ අනුව නොවැම්බර් 30 වැනිදා රටෙන් විශාල කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වීමට නියමිත බව හෙළි වී තිබේ.