සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ පා ගමන නුවරින් ගමන් අරඹයි..

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමඟි ජන බලවේගය මගින් මහනුවර සිට කොළඹ දක්වා දියත් කර තිබෙන නිදහස් අරගලයේ පාගමන අද (26) මහනුවර ඔරලෝසුකණුව අභියසින් ආරම්භ විය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පාගමන ආරම්භ කිරීමට ප්‍රථම මහ සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනය කර ඊට ආශිර්වාද කරනු ලැබීය.

ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, ජේ.සී අලවතුවල, හර්ෂණ රාජකරුණා  ඇතුළු පිරිස මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී ආගමික වතාවත් වල නිරත වූහ.

එම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය වෙඬරුවේ උපාලි යන නාහිමිවරු ඇතුළු මහ සංඝරත්නය වැඩම කර පිරිත් සජ්ජායනය කළහ.

වත්මන් අර්බුදකාරී වාතාවරණය දුරු වී යහපත් ලෙස ජනතාවට ජීවත්වීමට පසුබිම  උදාවිය යුතු බව සියලු දෙනාගේ අපේක්ෂාව බවත් විපත් අවස්ථාවල ධෛර්ය සම්පන්නව ඊට මුහුණ දී ජයගත යුතු බවත් නියංගොඩ විජිතසිරි නාහිමියෝ පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රටේ දේශපාලන නිදහස,ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා ජනතාව ජීවත්කරවීමේ ගමන ශක්තිමත් කිරීමේ අධිෂ්ඨාන පාගමන මහනුවරින් ආරම්භ කළ බවත් ජනමතයට සවන් දී ජනතා ඉල්ලීම් ක්‍රියාත්මක කරන්න ලෙස ආණ්ඩුවට දැනුම් දෙන බවත් මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

මහනුවරින් ආරම්භ කළ මාවනැල්ල නගරයෙන් අවසන් කිරීමට නියමිතය .එය යළි අද (27) මාවනැල්ලේ සිට ගලිගමුව දක්වා ගමන් කරනු ඇත. ගලිගමුවෙන් 28 දින ආරම්භ වන පා ගමන එදින පස්වරුවේ දංඕවිටට ලඟා වනු ඇත. පසුදින (29) දංඕටින් ආරම්භ වන පාගමන යක්කල දක්වා ගමන් ගනී. යක්කලින් 30 දින ආරම්භ වන පාගමන පෑලියගොඩින් අවසන් වීමට නියමිතය.

මැයි දින රැළිය හා එක්ව කැම්බල් පිටියෙන් ගමන් ආරම්භ කරන පාගමන අවසන් වීමට නියමිතව තිබෙන්නේ නිදහස් මාවතෙනි. මහනුවර සිට කොළඹ දක්වා කිලෝ මීටර 116 ක් දින පහක් පුරා ගමන් ගැනීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ’ වැනෙද්දි විග්නේෂ්වරන් විශ්වාසභංගයට කැමැත්ත පල කරයි!

Next Post

“හොර අත්සන් අභූත චෝදනාව අධිකරණයෙන්ම විසඳා ගන්න තියන එක හොඳයි…“ ඕමල්පේ සෝබිත හිමි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.