ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලුවලට සමගි ජනබලවේග රජයක් යටතේ කඩිනම් විසදුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (1) උදෑසන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නව නිල මඩුල්ලට පවසා තිබේ.
ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිල මඩුල්ල විපක්ෂ නායකවරයා මුණ ගැසුණු මොහොතේදීය.
රටතුළ මේ වන විට සිදුවන විශාල බුද්ධිගලනය අනුව වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යන බවත් මෙය නතර කිරීමට අවශ්‍ය වටාපිටාව සකසා දෙන බවත් දැනට වෛද්‍ය අධ්‍යාපනය තුළ පැන නැගී ඇති ගැටලුවලට ඉක්මන් විසදුමක් ලබා දෙන බවත් විපක්ෂනායකවරයා මෙහිදී පොරොන්දු වී ඇතැ.
තවද රෝහල් තුළ දැනට පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසදුම් ලබා දීමට කටයුුතු කරන බවත් සෞඛ්‍ය පද්ධතිය තුළ තිබෙන ගැටලුකාරි තත්ත්වයන් සොයා බලා එයට විසඳුම් ලබා දිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයින්ට මෙහිදී පවසා ඇත.







