සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාෂාවක් ඉගෙන ගැනීම කියන්නෙම එම සංස්කෘතියට ගරු කිරීමක්… අප දෙමළ දැනගෙන හිටියා නම් ඔවුන් සිංහල දැනගෙන හිටියා නම් 30 අවුරුදු යුද්ධයක් නෑ… සුදත් රෝහණ පියතුමා!

by editor
අගෝස්තු 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

“ඔබ බය නැතුව දන්න භාෂාවක් කතා කරන්න. ශ්‍රී ලංකාවේ භාෂා තුනක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබ සෑම කෙනෙකුටම වගකීමක් තියෙනවා තමන් දන්න භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමට. තවත් කෙනෙක්ගෙ භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඔහුට හෝ ඇයට ගරු කරනවා කියන එකටයි.”

මහනුවර කතෝලික රදගුරු පදවියේ හිටපු සන්නිවේදන මාධ්‍ය අධ්‍යක්ෂක, පවුල් සේවා අධ්‍යක්ෂ සහ ගිහි දූත සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වර්තමානයේ මහනුවර ආසන දෙව්මැදුරේ මීසම් පාලක තනතුරේ කටයුතු කරනු ලබන ගරු සුදත් රෝහණ පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේ පැවසුහ. .

ගරු සුදත් රෝහණ පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේ

උන්වහන්සේ එසේ පැවසුවේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ත්‍රි භාෂා දින වැඩසටහනේදී ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. ත්‍රිභාෂා සංස්කෘතිය ඔප නැංවෙන වෙන පරිදි විවිධ අංගයන්ගෙන් වර්ණවත් වූ විද්‍යාලයීය සිසු දරුවන්ගේ නිර්මාණාංග සහිත මෙම ශාස්ත්‍රීය සැසිය අමතමින් උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

” මගේ ගම් පළාත ජාඇල. ඒ ප්‍රදේශයේ ඉන්නේ සිංහල කතා කරන අය. ඒත් මට දෙමළ ඉගෙන ගන්න ඕන වුණා. මං ඒකට සෑහෙන්න උත්සාහ කළා. කාමරයේ දොරේ දෙමළ වචන ලියල ගහ ගත්තා නිතර ඇහැ ගැටෙන්න. ඒ විදිහට මම දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරලා, අසාර්ථක වුණ හැම වාරයකම උත්සාහ කරලා මං දෙමළ භාෂාව ඉගෙන ගත්තා.

වෙනත් භාෂාවක් කතා කරනවා කියන්නේ අපි එකිනෙකාට සමීප වෙනවා කියන එකයි. වෙනත් භාෂාවන් දැනගත් නිසා මට ලොකු ගමනක් යන්න පුළුවන් වුණා. ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් උනා. තවත් භාෂාවක් ඉගෙන ගන්න එක ජීවිතයට ලොකු ජයග්‍රහණ අත්පත් කර දෙනවා.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අපි රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒකට 50% ක හේතුව භාෂාව. භාෂාව දැනගෙන හිටියනම් මේ ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න තිබුණා. භාෂාව නොදන්නකම නිසා එකිනෙකාට සමීප වෙන්න බැරි වුණා. අදහස් හුවමාරු කරගන්න බැරි වුණා. ඒක යුද්ධයට හේතු වුණා. භාෂාව නොදන්න නිසා බෙදෙන්න වුණා

භාෂාව දන්නවා නම් එකිනෙකා අතර ඉතාම සුහද පිළිගැනීමක් ඇතිවෙනවා. භාෂාවක් දැනගත්තම අනිත් අයගේ ප්‍රශ්නවලට ඇතුළු වෙන්න පුළුවන්. ඒවට විසඳුම් හොයාගන්න පුළුවන්. භාෂාවක් කතා කරන්න පුළුවන් නම් අපිට කෙනෙක් හදවතින්ම වැළඳ ගන්න පුළුවන්. භාෂාව නොදන්නාකම අපි තනිකරවනවා. අසරණ කරවනවා..

අනිවාර්යෙන්ම පාසල්වල දරුවන්ට මෙවැනි අවස්ථා ලබාදිය යුතුයි.” උන්වහන්සේ පැහැදිලි කළේ භාෂාව බධකයක් නොවූ තැන බෙදීම් ඇති නොවන බවය. වර්ණවත් අනාගතය සුබ සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් පදනම භාෂා සංස්කෘතිය මත පිහිටන බව උන්වහන්සේ පැහැදිලි කළහ.

මට්ටකැලේ, මස්කෙළිය වැනි ප්‍රදේශවල දමිළ කතෝලික ජනතාව වෙනුවෙන් කිසිදා විවේක නොගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරත වුණු උන් වහන්සේ වර්තමානයේදී මහනුවර, නුවරඑළිය වැනි ප්‍රදේශවල කතෝලික ජනතාව වෙනුවෙන් ඉමහත් සේවයක් සපයමින් ඔවුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරනමින් සිටිති..

කුරුණෑගල සාන්තානා විද්‍යාලයේ විදුහල්පති , පියතුමාණන් වන චන්දන හපුආරච්චි පූජා ප්‍රසාදීන් වහන්සේ ත්‍රි භාෂා දින වැඩසටහනේ පරමාර්ථය පැහැදිලි කරමින් සංවාදයට එක් වූහ.

කුරුණෑගල සාන්තානා විද්‍යාලයේ විදුහල්පති , පියතුමාණන් වන චන්දන හපුආරච්චි පූජා ප්‍රසාදීන් වහන්සේ

“වෙනත් භාෂාවකට ගරු කළොත් වෙනත් ආගමකට ගරු කළොත් සංස්කෘතික හර පද්ධිතීන්ට ගරු කළොත් තමයි මනුෂ්‍යත්වය උද්දීපනය වන මනුෂ්‍යයෙක් බවට පත්වෙන්නේ… මේ වැඩසටහනින් අපි උත්සාහ කරන්නේ එවැනි මනුෂ්‍යත්වයෙන් පිරි දරු පිරිසක් බිහි කර ගැනීමටයි.

මේ වැඩසටහන වෙනුවෙන් පසුගිය සති කීපයේම හවස හතර පහ වනතුරුම පාසල තුළ උද්යෝගිමත් පරිසරයක් නිර්මාණය වුණා. පාසලක් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ එයයි.

භාෂාවකට ආදරය කරනවා කියන්නේ ඒ සංස්කෘතියට ගරු කරනවා කියන එකයි. ඕනෑම සංස්කෘතියක තියෙන්නේ හොඳ දේවල්. ඕනෑම භාෂාවක මූල පදනම වන්නේ එහි සංස්කෘතියයි. ඔබට විශ්වයේ වශයෙන් ජාත්‍යන්තරය ජයගන්නේ මේ ගුණය අවශ්‍ය වෙනවා. පාසල තුළ භාෂා දින වැඩසටහන් අපි බලාපොරොත්තු වන්නේ ඒ වටිනාකම ඔබට ලබා දෙන්නයි.

පාසල තුළ සති කීපයක් පුරා පැවැත්වූ ඉංග්‍රීසි දෙමළ සිංහල භාෂා ත්‍රිත්වයේ විවිධ තරගවලින් ජයගත් සිසුන්ට සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

Share69Tweet43
Previous Post

සජබ ආණ්ඩුවෙන්  වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු ගැටලු ගොඩදානවා… සජිත්ගෙනන් GMOA ට සහතික වෙයි!

Next Post

අවුරුදු 09ක දැරියක් පැහැර ගෙන ගොස් අඹුකමට තබා ගත් 34 හැවිරිදි විවාහක සල්ලාලයා රිමාන්ඩ්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.