සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංවිධානාත්මක අපරාධකරුවන් සමාජයෙන් තුරන් කරන්න ඇමති නියෝග කරයි… ඒත් පාතාල අපරාධකරුවන් රකින පොලිස් නිලධාරීන් පොලිසියෙන් රකී!

by editor
දෙසැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන අපරාධ සමස්ත සමාජයටම බරක් වී ඇති බැවින් එම ව්‍යසනකාරී තත්ත්වය මර්ධනය කිරීම සඳහා   අදාල පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන ලෙසත්,  එවැනි අපරාධකරුවන් සමාජයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය   ටිරාන් අලස්  පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එම අමාත්‍යාංශයට ගෙන්වා ඊයේ (16)  නියෝග කළත්  පාතාලයේ අපරාධ කරුවන්ට රැකවරණය සපයමින් අපරාධවලට අවස්ථාව ලබා දෙන සමහර කුප්‍රකට පොලිස් නිලධාරීන්  සම්බන්ධවවත්  රටේ නීතිය ක්‍රියාත්මක නොවන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ආසන්නම උදාහරණය  වෙන්නප්පුවෙන් වාර්තාවන බවත්,   සාදයක දී පොලිස් රැකවරණය මැද පැමිණි පාතාල අපරාධකරුවෙක්  තරුණයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර බරපතල තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ  පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට තවමත් පොලිසියට නොහැකි වී තිබෙන බව වාර්තා වේ.

මෙම පොලිස් නිලධාරියා සහ පාතාල අපරාධකරු  සම්බන්ධ ඉදිරි විමර්ශන සඳහා වෙන්නප්පුව පොලිසියට දැඩි බලපෑම් ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකගෙන් එල්ල වෙමින් ඇති බව ද මෙම චූදිත පොලිස් නිලධාරියා ඉහළ නිලධාරීන් පිරිසකගේ රැකවරණය මත සිටින බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයට අනුයුක්තව  රාජකාරි කරන පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර නැමැති  මෙම පොලිස් නිලධාරියා කටුනායක වෙළෙඳ කලාපයේ කප්පම් ලබා ගැනීමේ අපරාධය මෙහෙයවන පොඩි කුමාර නැමැති පාතාල අපරාධකරු සහ පාතාලයට සම්බන්ධ තවත් පිරිසක් සමග  පසුගිය 12 වැනිදා ඇලුයම වෙන්නප්පුව නයිනමඩමේ ශාන්ත තෙරේසා මාවතේ පිහිටි මූන් ලයින් ඔරෙල්ලා හෝටලයේ සාදයකට සහභාගී වී සිටිය දී ප්‍රශ්නගත  අපරාධය සිදුවී තිබේ.

එහිදී බීමත්ව නටමින් සිටි පොලිස් නිලධාරියාගේ ඇඟේ හැපී ඇති තරුණයෙකුට එම පොලිස් නිලධාරියා  පහර පිට පහර දෙන ආකාරයත්,  අනතුරුව ඔහු සමග සිටි පාතාල අපරාධකරු බෝතලයක් රැගෙන තරුණයාගේ හිසට ගසා කැඩී ගිය තියුණු කොටසෙන්  ඔහුගේ ඉණ ප්‍රදේශයට අනින ආකාරයත් සීසීටීවී දර්ශනවල සටහන් වී  තිබෙන බව විමර්ශන අංශ කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ  ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් වන,   අංක 86, ලන්සිගම, කටුනේරිය, පදිංචි එන්.එස්.ක්‍රිෂේන් ප්‍රනාන්දු නැමැති තරුණයෙකි. ඔහු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් ඇත.

කෙසේ වෙතත් ඉහළ පොලිස් නිලධාරීන් හා සම්බන්ධකම් පවත්වන මෙම නිලධාරියා මෙම පාතාල අපරාධකරු  සිටියේ  එවැනි උසස් නිලධාරියෙකුගේ අවශ්‍යතාවයකට ද යන්න පිළිබඳ ගැටලුවක් ඇති බව විමර්ශන අංශ කියයි.

මින් පෙර මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී පොලිස් වෙඩිපහරට ලක් වී මිය ගිය පාතාල අපරාධකරුවන් දෙදෙනා සමග ද මෙම පොලිස් නිලධාරියා සම්බන්ධතා පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග හෙළි කරයි.

ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යෑමට පොලිසිය තුළින්ම බාධා ඇතිවෙමින් පවතින පසුබිමක  මෙම නිලධාරියා රටින් පිටවීම වැළැක්වීම සඳහා පොලිස් විමර්ශන අංශ තහනම් නියෝගයක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා නියෝග දීමට  ඊයේ ඇමතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයට කැඳවූ උසස් නිලධාරීන් අතර   පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, විශේෂ කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති ධනපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහාකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා   සහ අමාත්‍යංශ සම්බන්ධීකරණ කොට්ඨාසයේ සහාකාර පොලිස් අධිකාරී සුමිත් ගුණරත්න ඇතුළු පිරිසක් වූහ.

 

 

Share69Tweet43
Previous Post

අවමංගල්‍යය රථ පමණක් ඇතුළු විය හැකි සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය ගියේ කොහොමද?…

Next Post

මීගමුව රෝහලේ 8වැනි තට්ටුවෙන් වැටී කාන්තාවක් මරුට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.