ලලිත් චාමින්ද –
පළාත් පාලන ආයතනවලට පැවරි ඇති මහජන සෞඛ්‍ය. පොදු උපයෝගිසේවා, පොදු මංමාවත් හා ජනතා සුභ සාධන කටයුතු නිසිපරිදි ඉටුකර නොකර ඇතැම් පළාත් පාලන ආයතන ඒ සඳහා ලැබෙන ප්‍රතිපාදන මුදල් ඉපයීමේ අරමුණින් ස්ථාවර තැන්පතු සහ වෙනත් තැන්පතුවල තැන්පත් කර ඇති බවත් එසේ තැන්පත් කර ඇති වත්කම් ප්‍රමාණය බිලියන 21කට ආසන්න බවත් ( රුපියල් කෝටි 2095.1) බව ජාතික විගණන කාර්යාලය විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
ආදායම ඉපයිමේ අරමුණ ඇතිව මහනගරසභා විසින් රුපියල් මිලියන 7,942,ක් ( කෝටි 794.2ක්), නගරසභා විසින් රුපියල් මිලියන 3159ක් ( කෝටි 315.9ක්) , සහ ප්‍රා දේශිය සභා විසින් රුපියල් මිලියන 9850ක් ( කෝටි 985ක්) ස්ථාවර හා වෙනත් තැන්පතුවල ආයෝජනය කොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
පළාත් පාලන ආයතන බොහොමයක් අයවැය හා පරිපුරක ඇස්තමේන්තු නිවැරදිව පිළියෙල නොකිරීම නිසා ප්රතිපානද ඉතිරි වී එවා ආදායම් ඉපයිමේ අරමුණ ඇතිව ස්ථාවර හා වෙනත් තැන්පතුවල ආයෝජනය කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.