බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක සේවකයන් වෙනුවෙන් දෙනවා කී සහන කෝ?

සජිත් පාර්ලිමේන්තුවේදී අසයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 22, 2020
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සංචාරක හෝටල් හා සංචාර කළමනාකරණ සමාගම්වල සේවකයින් සඳහා මසකට රුපියල් 20,000 බැගින් මාස 06 ක කාලසීමාවකට වැටුප් ගෙවීම සඳහා වසර 02 ක සහන කාලයකට යටත්ව වසර 05 ක් තුළ නැවත ගෙවීමේ පදනම මත 4% ක පොළී අනුපාතයක් යටතේ ණය ලබා දීම ඇතුලු සහන පසුගිය ජූනි මාසයේ 10 වැනදා පැවති තකැබිනට් මන්ඩලයේදී තීරණය කළද මෙතෙක් එම තීරණ ක්‍රියාත්මක වී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පාර්ලිමේනතුවේදී ප්‍රකාශ කළේය.

එසේම හොටල් සහ සංචාරක නිවහන්වල ජල සහ විදුලි බිල්පත් සඳහා යෝජනා වූ සහනත් වාහන ලීසිං සඳහා වූ සහනත් තවමත් ක්‍රියාත්මක වී නොමැති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් අසමින් ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ඔහු විසින් නගන ලද ප්‍රහ්නයේ මෙසේද සඳහන් විය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 4380.6 ක් ද 2019 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 3606.9 ක් ද වශයෙන් විශාල විදේශ විනිමයක් සංචාරක කර්මාන්තයෙන් අප රටට හිමි ව ඇත.

දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් 5% ක සෘජු දායකත්වයක් සපයන ලද සංචාරක කර්මාන්තය කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ මේ වන විට දැඩි අවදානමට ලක් වී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2019 වාර්ෂික සංඛ්‍යා ලේඛන වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ සෘජු රැකියා ප්‍රමාණය 173,592 ක් වන අතර වක්‍ර රැකියා ප්‍රමාණය 229,015 ක් වේ. මෙම රැකියා නියුක්තිකයින්ගේ යැපෙන්නන් පිළිබඳවද සැළකු විට අවම වශයෙන් ලක්ෂ 15 ක පමණ පිරිසක් සංචාරක කර්මාන්තයේ මෙම පසුබෑම හමුවේ අසරණභාවයට පත්ව ඇති බව නොරහසකි.

2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර හමුවේ පසුබෑමට ලක්වූ සංචාරක කර්මාන්තය සඳහා පසුගිය රජය විසින් සහන රැසක් ලබා දුන්නද, වර්තමානයේ සංචාරක කර්මාන්තය ආරක්‍ෂා කිරීම සඳහා මාස 02 ක කාරක ප්‍රාග්ධනය ලබා දීම හැර වෙනත් කිසිදු සහනයක් ලබා දී නොමැත.

04. 2020.06.10 දින පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සංචාරක කර්මාන්තය සඳහා සහන ලබා දීමට පහත තීරණ ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කොට ඇතත් එම තීරණ මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැති බවට වාර්තා වී ඇත.

• සංචාරක හෝටල් හා සංචාර කළමනාකරණ සමාගම්වල සේවකයින් සඳහා මසකට රු.20,000/- බැගින් මාස 06 ක කාලසීමාවකට වැටුප් ගෙවීම සඳහා වසර 02 ක සහන කාලයකට යටත්ව වසර 05 ක් තුළ නැවත ගෙවීමේ පදනම මත 4% ක පොළී අනුපාතයක් යටතේ ණය ලබා දීම.

• 2020 මාර්තු 01 දින සිට 2020 අගෝස්තු 31 දින දක්වා ගෙවිය යුතු විදුලි හා ජල බිල්පත් මාස 12 ක කාලසීමාවක් තුල කොටස් වශයෙන් ගෙවීමට පහසුකම් සැලසීම.
05. එසේම, ලීසීං වාරික ගෙවීම සඳහා ලබා දී ඇති මාස 06 ක කාලසීමාව මාස 12කට දීර්ඝ කිරීමට තීරණය කොට ඇතත් ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති 2020 අගෝස්තු 26 දිනැති චක්‍රලේඛය මගින් එම සහනය ලබා දී ඇත්තේ රාජ්‍ය බැංකු හරහා ලබා ගත් ලීසීං පහසුකම් සඳහා පමණි. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හරහා ලබා ගත් බහුතර ලීසීං පහසුකම් සඳහා එම සහනය ලබා දී නොමැත.
06. මෙම පසුබිම යටතේ, ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් ලෙස සළකා පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) සංචාරක කර්මාන්තය තුළ සෘජු හා වක්‍ර රැකියාවන්වල නියුතු සේවකයින් හා ඔවුන්ගේ යැපෙන්නන් ලක්‍ෂ ගණනක් මේ වන විට අන්ත අසරණභාවයට පත්ව ඇති බවත්, ඔවුන්ට සහන සැලසීම සඳහා පුළුල් හා විධිමත් වැඩපිළිවෙළක් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද? මේ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති පියවර මොනවාද?

2) සංචාරක කර්මාන්තය ඉදිරි ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත්වන වන හා ආරක්‍ෂා කර ගත යුතු කර්මාන්තයක් වශයෙන් රජය විසින් සළකනු නොලබන්නේද? එසේ නම් ඊට හේතු මොනවාද?

3) අමාත්‍ය මණ්ඩලය විසින් 2020.06.10 දින අනුමත කොට ඇති නමුත් මෙතෙක් ලබා දී නොමැති ඉහත සහන ලබා දීමට රජය විසින් කටයුතු කරනු ලබන්නේ කවදාද?

4) සංචාරක ක්ෂේත්‍රයේ ලීසීං වාරික ගෙවීම වෙනුවෙන් ලබා දී ඇති සහන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හරහා ලබා ගත් ලීසීං පහසුකම් සඳහා ද ලබා දීමට රජය කටයුතු කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

“බකං නිලා“ සිටි මෛත්‍රි පාස්කු කොමිසමෙන් නික්ම යයි

Next Post

මිනීමැරුමක් සිදුකර වසර 11ක් තිස්සේ පොලිසියට කට්ටිපැන්න වරෙන්තුකරු මාට්ටු

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.