සංකූලතාවන් පවතින දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම මාස එකහමාරක් වැනි කාලය තුළ ලබාදීමට සැලසුම් කර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.
විවිධ සංකූලතාවන් සහිත දරුවන් 30000ක් රට තුළ සිටින බවට මීට පෙර ඇස්තමේන්තු ගත කර තිබුණද එය 55000ක් දක්වා වැඩිවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම බස්නාහිර පළාතේ රෝහල් තුලින් මුලින්ම ආරම්භ කරන නමුත් මේ වන තෙක් ඒ සදහා දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි යැයි ද හෙතෙම පැවසීය.
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයන් මත රෝහලක් තුළදී එන්නත ලබා දීමෙන් පසුව විනාඩි 20 – 30 අතර කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල තුල දරුවා රඳවා ගන්නා බවත් වෛද්‍ය විජේසූරිය සදහන් කළේය.
සංකූලතාවන්ට ලක්වූ දරුවන් මේ වන විටත් විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ කිසිම් සායනය ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන අය බැවින් අදාළ වෛද්‍යවරයා එම රෝගී දරුවාකෙරෙහි මනා අවබෝධයකින් පසු වීම දරුවා අධීක්ෂණයට පහසුවක් වන බවද වෛද්‍ය විජේසූරිය සඳහන් කරයි.