සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙත වෙනස්කම් කරන නීති ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටී.
මාධ්‍යවේදීන් අමතමින්, ක්‍රිකට් ලෝකයේ විශිෂටයෙක් වූ මහෙල ජයවර්ධ ප්‍රකාශ කළේ මෙම පුද්ගලයින්ට සමාජය තුළ සිදුකරන වෙනස්කම් කිරීම් ප්‍රමාණය පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බවය.
පෙරළිකාර ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රජාව සම්බන්ධ නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය වනවා සේම ඔවුන් සම්බන්ධව සමාජ මානසිකත්වය වෙනස් කිරීම ද වැදගත් බවය.
සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ඔහුගේම අතීත නොදැනුවත්කම ගැන කතා කරමින් මහෙල කියා සිටියේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මෙම සමාජ කණ්ඩායම් සම්බන්ධව නිසි දැනුම්වත්වීම් සහිත අධ්‍යාපනයක් ලබා දිය යුතු බවය.
ශ්‍රී ලංකාව වැනි කිසිදු ආකාරයක විස්තීර්ණ ලිංගික අධ්‍යාපනයක් නොමැති රටක් තුළ වාර්තා වන ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් ඉහළ අගයක් ගන්නා බව ද ඔහු පෙන්වා දුනනේය.
ක්‍රිකට් සහ ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළේ ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකි විය යුතු බවයි.
සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩාවේ නියැලෙන්නේ නම් තමා කැමති බවත්, යමෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය එම පුද්ගලයාගේ ක්‍රීඩා කෞෂල්‍යයට බලපෑමක් සිදුනොකළ යුතු බවත් ඔහු පැවසීය.
මහෙල ජයවර්ධන මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දී තිබුණේ සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කම් ඉස්මතු කිරීමට සහ ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම පවත්වා ගෙන යන නීතිවල වෙනස්කම් ඉල්ලා සිටීමට සඳහා ක්‍රීඩා , ව්‍යාපාර, දේශපාලන සහ සංස්කෘතියේ නායකයින් එක් කරන Better Together සඳහාය.