අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

by editor
පෙබරවාරි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ව්‍යාපාරිකයා ඝාතනය කර ඔහුගේ රථයෙන් පලා යද්දි රථය කැඩිලා… එය ගරාජයකට අරන් ගිහින් තියෙන්නෙ ව්‍යාපාරිකයාගේම ජංගම දුරකථනයෙන් ඇමතුමක් අරන්…

අගනුවර ප්‍රසිද්ධ නිමි ඇඳුම් ව්‍යාපාර ජාලයක්වන ෂේඩ්ස් ජාලයේ හිමිකරුවා වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතකයන් තරුණ යුවළක් බවට සැක කෙරෙන අතර ඔවුන් විදේශ ගත වීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගියද එයින් විදේශ ගත වී නොමැති බවට අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම යුවළ පැලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි බවට අනාවරණය වන අතර ඔවුන් ඊට පෙර කලුබෝවිල රෝහල ආසන්නයේ ඖෂධ හළකින් ඖෂධ සහ උපත් පාලන උපකරණ මිලදී ගෙන ඇති බවද හෙළිව ඇත.

ව්‍යාපාරිකයා අතුරුදන්වූ බව කියන 30 වැනිදා රාත්‍රියේ ෂේඩ්ස් ව්‍යාපාර හිමිකරු රොෂාන්ගේ ජංගම දුරකථනය සහ ඔහු සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිත කර මැලේසියාව හරහා ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ටිකට් පත් මිලදී ගෙන ඇති අතර ඔවුන් 31 වැනිදා අලුයම ගුවන් යානයක් ඒ සඳහා වෙන් කරවාගෙන ඇත.

මෙම යුවළ ඒ වනවිට ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවට පොලිසිය විශ්වාස කරන අතර රාත්‍රියේ ෂේඩ්ස් හිමිකරුවාට අයත් ටොයෝටා 121 වර්ගයේ මෝටර් රථයද රැගෙන පැලවත්ත නිවසින් පිටත්ව අධිවේගි මාර්ගය ඔස්සේ කටුනායක දෙසට පැමිණ ඇති බව අනාවරණය කරගෙන තිබේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මෙලෙස එන අතරතුර අධිවේගී මාර්ගයේදී මෙම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව නැවතී ඇති අතර ව්‍යාපාරික රොෂාන් ගේ ජංගම දුරකථනය භාවිත කර අධිවේගි මාර්ගයේ හදිසි දුරකථන ඇමතුමට කතා කොට සහය ඉල්ලා ඇත.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ ආපදා රථයක් පැමිණ වාහනය අධිවේගි මාර්ගයෙන් ඉවත් කර දී ඇත. කටුනායක පිටවීමෙන් පසුව ඔවුන් මෙම වාහනය ගරාජයකට ගෙන යාම සදහාද උපකාර ඉල්ලා ඇති අතර ඔවුන් ගේ සහය මත ගෙන්වා ගත් තවත් රථයකින් මෙය මීගමුව ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක් අසළට රැගෙන ගොස් තිබේ.

එහෙත් මේ වනවිට වේලාව අලුයම 1 පමණ වී ඇති අතර ගරාජය වසා තිබීම හේතුවෙන් එය අසළ ජෝෂප් ද සිල්වා මාවතේ පසෙක වාහනය දමා ඔවුන් කුලියට ගත් අපදා රථයෙන්ම යළි කටුනායක 18 කණුව ප්‍රදේශයට පැමිණ ඇත.
ඉන් අනතුරුව මෙම යුවළ කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වී එහි වෙළෙඳ සංකීර්ණයෙන්ම මිය ගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පත් යොදා ගනිමින් භාණ්ඩ ද මිල දී ගෙන ඇතත් ඔවුන් රටින් පිටව ගිය බවට තොරතුරු තහවුරු කර ගැනීමට නොහැකිව නැත.

ඒ අනුව ඔවුන් යළි කටුනායක ගුවන් තොටුපළින් පිටතට පැමිණි බවට විශ්වාස කෙරෙන අතර සැකකරුවන් සොයා මේ වනවිටත් විමර්ශන සිදුවෙමින් පවතින බව සඳහන් වේ.

මිය ගිය ව්‍යාපාරික රොෂාන් වන්නිනායක ඉතා සුළුවෙන් සිය ව්‍යාපාර ආරම්භ කොට දැඩි පරිශ්‍රමයකින් සිය ව්‍යාපාර ජාලය ගොඩ නගා ඇති බව සඳහන් වන අතර ඔහු ප්‍රදේශයේ විහාරස්ථාන සහ පාසල්වලට උදව් කරමින් සරල ජීවිතයක් ගෙන ගිය පුද්ගලයකු බව පැවසෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

Next Post

75වන ජාතික නිදහස් දින උළෙල ඇරඹෙයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.