චීන ජනාධිපති සේම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වන ෂී ජින්ග්පින්ග් ඉතාමත් දැඩි පාලකයෙකු බවත් ඒකාධිපතියෙකු ලෙස ක්‍රියාකරන බවත් චීනය හා ආසියාව පිළිබඳ පර්යේෂණ සිදු කරන සංවිධානයක සාමාජිකයෙකු වෙන බි්‍රජේශ්වර් දහියා සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.
ඔහු සිය දේශපාලනයේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායකයින් කිහිප දෙනෙකු ලෙසින්ම දූෂණ විරෝධී රැල්ලක් ගෙන ගියේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වූ පසු ඔහු අනතර්ජාලයේ ප්‍රසිද්ධ චරිතයක් බවට ද පත් විය. එහෙත් සී ජින්ග්පින්ග් බෙහොමයක් ජනප්‍රිය අන්තර්ජාල පහසුකම් හා සමාජ මාධ්‍යයන් චීනයට තහනම් කළේය.
චීනය තුළ ගූගල්, ෆේස්බුක් හා විකිපීඩියා තහනම් වන අතර චීනය අපකීර්තිමත් වන අන්දමේ ප්‍රකාශන හෝ සටහන් බ්ලොග් වල සඳහන් කළ නොහැකි යැයි නීතියක් ද ගෙන ආවේය. එම නීතිය උල්ලංඝනය කරන්නන්ට වසර 3ක සිරදඬුවම් නියම වේ.
ෂී ගේ නීති යටතේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දැඩි වූ අතර විශේෂයෙන්ම ස්වයං පාලන හා සුළු ජාතීන් ජීවත් වන ප්‍රදේශ වරින් වර සෝදිසි කිරීම්වලට ලක් විය. එපමණක් නොව ඔවුන්ව ෂින්ජින්ග් හි පිහිටි උයුග්හර් මුස්ලිම් රැඳවුම් කඳවුරුවලට යැවීමට ද කටයුතු කරන ලදී.
එපමණක් නොව සමාජ ක්‍රියාකාරීන්ට, නීතිඥයින් හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරන ලද මානව හිමිකම් කඩකිරීම් ද ඉතා සුලබ බව කතුවරයා පවසා තිබේ.
ඔහු ටිබෙට් ජාතිකයින්ගේ හා උයුග්හුර් ස් ජාතිකයින්ගේ ආගමික නිදහස ද උල්ලංඝනය කරමින් බෞද්ධස්ථානවලට සේම පල්ලිවලට ප්‍රහාරයන් එල්ල කරන ලදී. 2017 දී ලාරුන්ග් ගර් හි පිහිටි ටිබෙට් බෞද්ධ ආරාම සීයකට සීපීසී පහර එල්ල කිරීම එවන් ප්‍රහාරයන්ට උදාහරණයකි.
දහියා පවසන අන්දමට චීනය, සිය ඥාති රටවල් වන ඉන්දියාව, ජපානය හා ගිනිකොණදිග ආසියානු රටවල් සම්බන්ධයෙන් ගෙන යන්නේ දරුණු ප්‍රතිපත්තියකි. තායිවානයට ඔවුන් දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින අතර එරටින් සිදු කළ අන්නාසි, ගෘපර් මාලු ආදිය ගෙන්වීම තහනම් කරමින් නියෝග ද නිකුත් කර තිබේ.