ගයාන් කුමාර වීරසිංහ-
ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරියගේ මවගෙන් ඊයේ (27) දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් කටඋත්තර සටහන් කරගෙන ඇතැයි සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග හෙළි කරයි.
මීට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරියගෙන් සිව්වෙනි වතාවටත් ඊයේ (27) ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.
බිරියගේ මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් විසින් ඇයට යොමු කළේ යැයි කියනු ලබන දුරකථන පණිවිඩයක් සහ ඇයට යොමු කළේ යැයි කියන ලියැවිල්ලක් මුල්කරගනිමිනි.
දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ෂර්මින් ෂාෆ්ටර්ගෙන් විමර්ශකයින් නැවත දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත්තේ මෙම අභිරහස් ඝාතනය සම්බන්ධව මේ වනවිට මතුවී ඇති කරුණු නිරාකරණය කරගැනීමටත්, දෙදෙනා අතර යම් ආරවුලක් හෝ ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ දැයි දැනගැනීම සඳහා බව වාර්තා වේ.
ඊට අමතරව ව්‍යාපාරික ගනුදෙනු සහ වෙනත් සිදුවීම් රැසක් ගැන ද ප්‍රශ්න කිරීම් හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.
දිනමිණ –