ප්‍රකට ව්‍යාපාර නායකයකුවන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වූ දෙසැම්බර් 15 වැනිදා දිනයේ උදෑසන සිටම ඔහුගේ හැසිරීම් ස්වභාවයේ වෙනසක් පැවති බව තමන්ට නිරීක්ෂණය වූයේ යැයි ඔහුගේ බිරිඳ ටානි ෂාෆ්ටර් විමර්ශකයන්ට පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද මේ අමුතු ස්වභාවයට හේතුව කුමක්දැයි ඔහු තමන් වෙත ප්‍රකාශ නොකළ බවද ඇය පවසා ඇත.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ලෙස සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින් පී.එල්.සී. හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇති දිනේෂ් ෂාෆ්ටර්ට සම්බන්ධ තවත් ව්‍යාපාර පවතින බව අනාවරණය වී තිබේ.
අතර බිරිඳ පවසන ආකාරයට අනුව පැය භාගයකින් නැවත පැමිණෙන බව පවසා ඔහු නිවසින් පිටව ගිය බවත් එලෙස කී පරිදි පැය බාගයකින් නොපැමිණි නිසා තමන් කලබලයට පත් වූ බවද ඇය පවසා තිබේ.
ඔහු කොහෙ සිටින්නේදැයි විමසීමට ඇමතුවද දිනේෂ් ෂාෆ්ටර් ඊට ප්‍රතිචාර නොදැක්වූ නමුත් ඔහු සිටින ස්ථානය සිය ජංගම දුරකථනයට හුවමාරු කර තිබූ බවත් ටානි ෂාෆ්ටර් පවසා ඇත.
එම දත්ත අනුව බොරැල්ල කනත්ත ප්‍රදේශයේ ඔහු සිිටින බව අනාවරණය වූ හෙයින් සැමියාගේ ඥාතියකු මෙන්ම ඥාතියෙකුටත් වඩා දැඩි විශ්වාසනීය හිතවත්කමක් තිබූ ඔනග්‍රි පැට්රික් ක්‍රිෂ් පෙරේරාට මේ ගැන සොයා බලන්නැයි තමන් දැනුම් දුද්ප බවද එහිදී ඇය පවසා ඇත.
සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ අපරධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු විමර්ශකයන් විසින් අනාවරණය කරගනු ලැබ ඇති තවත් තොරතුරක් වන්නේ ඔහු නිවසේ සිට කෙළින්ම බොරැල්ල සුසාන භූමියට වෙත ගමන් කර බවය. ඒ යන අතරමග දී මළලසේකර මාවතේ පිහිටි රොඩ්රිගෝස් ලෙජෙන්ඩරි ෆ්ලේවර්ස් අලෙවිසලෙන් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර කුඩා බෑග් දෙකක් ලබා ගත් බවය.
එක් ආහාර කොටසක් ෂාෆ්ටර් විසින් අනුභව කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පෙනී ගොස් ඇත. අනෙක් කෙටි කෑම බෑගය ලබා ගත්තේ කා සඳහා ද යන්න මේ වනවිට අරපාධ පරීක්ෂකයින්ගේ අවධානයට යොමු වී තිබේ.
කනත්ත තුළදී හමුව තමන් සමඟ කෙටි කෑම ගත් පුද්ගලයා ඝාතකයා විය හැකි බවත් ඝාතනය සිදුව ඇති ආකාරය අනුව ඔහු දිනේෂ් ෂාෆ්ටර් හොඳින් දන්නා හඳුනන සමීප පුද්ගලයකු විය හැකි බවටත් විමර්ශකයෝ විශ්වාස කරති.
ලැබෙන සෑ සියුම් තොරතුරු ඔස්සේම විමර්ශන දියත්වන බව විමර්ශකයෝ පවසති.