සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍ය කුඩ්ඩන්ට සහ බේබද්දන්ට එරෙහි වී ඉල්ලා අස්වන්නට සිදුවූ යාපනය සරසවියේ ශාස්ත්‍රපීඨ පීඨාධිපති වෙනුවෙන් සියලුම ආචාර්යවරු දින නියමක් නැති වර්ජනයක….

by editor
ජනවාරි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල ආචාර්යවරුන් අද (28 ) සිට දින නියමයක් නොමැතිව වර්ජනයක් දියත් කොට තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානී සිවසුබ්‍රමනියම් රඝුරාම් ට යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියෙන් සිදු වූ අසාධාරණයකට එරෙහිව එම වර්ජනය දියත් කොට තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය විසින් පැය හතරක් තිස්සේ පවත්වන ලද සාකච්ඡාවකින් පසුව පාලන අධිකාරිය සමගද සාකච්ඡා කොට ඇති අතර ඉන් සාර්ථක ප්‍රතිපලයක් අයත් නොවූ නිසා ඔවුන් මේ තීරණය ගෙන තිබේ.

තමන්ට සිදු වූ අසාධාරණය නිසා සිවසුබ්‍රමනියම් රඝුරාම් මේ වන විට සිය විශ්වවිද්‍යාල ආචාර්ය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර පාලන අධිකාරියද එම ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගෙන තිබේ. විශ්ව විද්‍යාල ආචාරයවරුන්ගේ සංගමය කියා සිටින්නේ ඉල්ලා අස් වූ විශ්වවිද්‍යාල ආචාර්ය වරයාට සාධාරණය ඉෂ්ඨ කිරීම ඇතුලු තවත් ඉල්ලීම් පහක් ලබා දෙන තුරු වර්ජනය ක්‍රියාත්මක කරණ බවයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වූ බව කියන ලිංගික ක්‍රියාකාරකම් කීපයක් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම් කීපයක් නිසා විශ්ව විද්‍යාල සිසුන් 9 දෙනෙකුගේ පන්ති මීට දින කීපයකට පෙර තහනම් කොට තිබුණි.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

සිවසුබ්‍රමනියම් රඝුරාම්

එසේ පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයින්ගෙන් වැඩි දෙනා ශාස්ත්‍ර පීඨයේ සිසුන් වූ අතර එම පන්ති තහනම ලබා දීමට විනය කමිටිවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කරන ආචාර්ය රඝුරාම් ද මූලික වී තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ බොහෝ සිසුන් විශ්ව විද්‍යාල භූමියේ තනා ඇති ගල් බංකු මත සිට මත්පැන් පානය කිරීමත් දුම්වැටි පානය කිරීමත් සිදු කරණ බවත් ඔවුන්ගේ නේවාසිකාගාර වලදී මත්ද්‍රව්‍ය භාවිත කරණ බවත් ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානියා පාලන අධිකාරියට දැණුම් දී තිබුණි. එමෙන්ම විශ්ව විද්‍යාල සිසුන් එහි ශිෂ්‍යාවන් සමග නොමනා හැසිරීම්වල නිරත වන බවද ඔහු අවධාරණය කොට තිබේ.

නේවාසිකාගර වල මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සිද්ධීන් 11 වතාවක් වාර්තා වී පොලීසියද එම සිසුන්ට එරෙහිව ඒ සෑම අවස්ථාවකදීම නීතිය ක්‍රියාත්මක කිරීම නිසා එවැනි ක්‍රියා වලට සම්බන්ධ සිසුන්ගේ පන්ති තහනම් කල යුතු බවට ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානී සිවසුබ්‍රමනියම් රඝුරාම් මහතා ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව සිසුන්ගේ පන්ති තහනම් වූ අතර සිසුන්ගේ පන්ති තහනම් නීති විරෝධී හා අසාධාරණ එකක් බව කියමින් තවත් හේතුන් හතරක්ද මුල් කරගෙන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් විරෝධතාවයක් ආරම්භ කොට තිබූ අතර සියලුම සිසුන් විසින් පන්ති වර්ජනයක්ද දියත් කොට තිබුණි.

අවසානයේදී යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා හා පාලන අධිකාරිය සිසුන්ට වාසි වන අන්දමට ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම නිසා දැඩි ලෙස කම්පනයට පත් වූ සිවසුබ්‍රමනියම් රඝුරාම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය වෙත බාර දී තිබේ.

මේ ලිපියත් බලන්න….

යාපනය සරසවිය වසා ගත් මත් උවදුරට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාහන ගෙන්වීමට අවසර ලබා දෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි… හෙට සිට වාහන ගේන්න පුලුවන්!

Next Post

ගොවි මැරයින් කීප දෙනෙකුගේ අත්තනෝමතික හැසිරීමෙන් කුඹුරු අක්කර සියයක් මුලුමනින් විනාශයි…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.