සජින් වාස් ගුණවර්ධන අම්බලන්ගොඩ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක කර ගාල්ල දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
සජින් වාස් ගුණවර්ධන මහින්ද රාජපක්ෂගේ අතිශය පුද්ගලික කටයුතු කළමනාකරණය කළ ඔහුගේ විශ්වාසන්තම සමීපතමයා ලෙස එක්සත් ජනතා සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කලක් කටයුතු කළේය.
අම්බලන්ගොඩ ශ්‍රීලනිප සංවිධායක මෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ ශාන් විජයලාල් ද සිල්වා අවුරුද්ද පටන් ගන්නා දිනයේ දී ( ජනවාරි 01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර සමගි ජන බලවේගය හා එක් වුනේය.