බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශාන් ගේ මිතුරු පෙළේ ” මිස් වුන ” යාලුවාගේ කතාව..

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

‘මතුගම ශාන්’ නමැති පාතාල අපරාධකරුවෙක් ගැන යළිත් කථිකාවක් ගොඩනැගී ඇත. ශාන් ගැන කවුරුත් දැන් කතා කරන්නේ ගණේමුල් සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දිව සඟවාගෙන සිටියේ ශාන්ගේ උපදෙස් අනුව ඔහුගේ ගොලයන් වීමය.

ඊට පෙර මතුගම ශාන්ට ඇත්තේ පාතාල කුපාඩිකම් සම්බන්ධව බෙහෙවින්ම දුර්වර්ණ වු අතීතයකි. ශාන් අරෝෂ ජයසිංහ නැමැති මේ පාතාලයා දේශපාලනයන්ගේ සමීප ඇසුරට පත්ව දැන් වසර 20කට ආසන්නය. ඒ පසුගිය දශක දෙක තුළ ඔහු ඇසුරු කළ ඔහුගේ හිතවතුන් පෙළකගේ ඡායාරූප ජාලයක් දැන් මාධ්‍ය ඔස්සේ පළවෙමින් ඇත. ඒ ඡායාරූප දකිනකොට ඇඟ හිරිවැටෙන්නේය. ඒතම් අපූරු යාළුවන් ඔහුට ඉඳ තිබේ. එක් තැනක ගෝඨාභය රාජපක්ෂ සමග. තවත් තැනෙක මහින්ද රාජපක්ෂ සමගය. තව ඡායාරූපයක පියල් නිශාන්තව බදාගෙනය. රෝහිත අබේගුණවර්ධන සමග තවත් තැනක ඔහු පෙනී ඉන්නේය.  විදුර වික්‍රමනායක සමග ඉල ඇදෙන කතා කියවෙන ආකාරයේ සේයාරුවක් ද වේ. දිළුම් අමුණුගම සමග මෙන්ම සංජීව එදිරිමාන්න සමගත් ශාන් පෙනී සිටින ඡායාරූප දැන් සමාජ මාධ්‍ය තුළ ප්‍රමුඛව දැකිය හැකිය.

කෙසේ වෙතත් මේ මිතුරු ජාලය හදාගන්නට ශාන් ට පසුබිම සැකසූ බව කියන ගජ මිතුරාගේ ඡායාරූප එම ඡායාරූපාවලියේ නැත. මතුගම ඇත්තන් ඒ ගජමිතුරු අන්දරය ගැන අපට කියන කතාවක් ඇත. ඔවුන් කියන්නේ ඒ දේශපාලන ප්‍රබලයා මතුගම ශාන්  සිය දරුවෙක් සේ සලකා රැකබලා ගත් බවය.  රජයේ විවිධ තනතුරු ඔහුට ලබා දීම දක්වා ඒ සම්බන්ධය සමීප එකක් වූ බවය.

මේ කතාවේ පූර්වාපර සන්ධි ගලපා ගැනීම කියවන ඔබට බාරය.

කළුතර ප්‍රබල දේශපාලකයෙක් සිටි  මහින්ද සමරසිංහ ඇමතිවරයා තවම රටට අමතකව නැත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔහු  2001 සිට 2004   රැකියා හා කම්කරු කැබිනට් අමාත්‍යවරයා ය.   රජයේ ප්‍රධාන සංවිධායකවරයා ය.  2004 සිට 2006 දක්වා ඔහු  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ය.

මහින්ද සමරසිංහ 2006 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූ අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා බවට පත්විය. ඔහු 2006 සිට 2010 දක්වා ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් කැබිනට් අමාත්‍යවරයා ලෙසත් 2010 සිට 2015 දක්වා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් සේවය කටයුතු කළේය.

2015 දී, එවකට බලයේ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රජය යටතේ, සමරසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා  වූයේය. 2017 දී වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස පත් වූයේත් ඔහුය.   2021 නොවැම්බර් අග දී මහින්ද සමරසිංහ එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සඳහා ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

දැන් කියන්නේ මතුගම ශාන් ගැනය. මතුගම ශාන් 2006 -2010 කාලයේ දී ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් කැබිනට් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකි. 2010 සිට 2015 දක්වා කාලය තුළ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක සභාපතිවරයෙකි. එල්.ආර්.සී ඉඩම් අක්කර ගණනක් මතුගම ශාන් විසින් ලබාගෙන ඇත. දෙමව්පියන්ගෙන් ලද වත්කම් ප්‍රමාණයක් තිබුණු බව සැබෑය. නමුත්  ඔහු වැවිලිකරුවෙක් ලෙස සිය ස්ථාවරය වඩාත් තහවුරු කරගන්නේ ඒ කාලයේ ය.

ඒ කාලය තුළ ශාන්ට දේශපාලකයින් හමුවිය. ඔහු විවිධ දේශපාලන අවශ්‍යතා මත දේශපාලකයන්ව ඇසුරු කළේය. සම්බන්ධතා ගොඩනගා ගත්තේය. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළේය. ඔවුන් සමග ඡායාරූප ගත්තේය. ඒ හිතවතුන්ගේ ඡායාරූප දැන් එක පෝලිමට වෙබ් අඩවිවල පල වන්නේය.

එහෙත් මතුගම ඇත්තන් කියන ආකාරයට තුට්ටු දෙකේ මැරයෙක් වූ ශාන් දේශපාලනයට කැන්දාගෙන ඇවිත් ඔහුව ඇති දැඩි කර චරියක් කළ දේශපාලකයාගේ ඡායාරූපයක් මෙතෙක් කිසිවෙකුට හමුවී නැත්තේය.

හේතුව ඔහු මේ වනවිටත් ඉන්නේ තානාපති සේවයේ නිසා විය හැකිය. ඔහු මේ රජය යටතේත්  තානාපතිකම් දරන්නේය.  එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි මහ කොමසාරිස් ඔහුය.

එම තනතුරු දරන හිටපු දේශපාලකයා මහින්ද සමරසිංහය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති මුල් ගල තැබූ යාපනයේ මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට පරිසර සංවිධානවල විරෝධයක්!

Next Post

මනම්පිටියේ වැලි මාෆියාවට තිත තබන බවට රජය සහතික වෙයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.