ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය වෙන් වෙන් වශයෙන් සංවෘත සේවාවන් තුනක් බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ද සිල්වා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වර්ෂ 2021 අගෝස්තු මස 30වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වෙන් වෙන් වශයෙන් එම සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
රාජ්‍යසේවා කොමිසන් සභාවේ එකඟතාව ප්‍රකාරව මෙම ගැසට්ටුව නිකුත් කර ඇත.
.