ජෛව බුබුලේ නිරෝධායනය කර සිටි වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග නව සංචිතයේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ නිරෝධායනය අර්බුදයකට ලක් වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කොන්ත්‍රාත් අත්සන් කිරීම සම්බන්ධව පැන නැගී තිබූ ගැටලුව නිසා ජෛව බුබුළු දෙකකට ඇතුළත් කර ක්‍රීඩකයින් 66ක සංචිතයක් නිරෝධායනය කර තිබිණි.
ඉන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 14 දෙනෙක් සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ ද නැගී එන කණ්ඩායමෙන් හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමෙන් තෝරාගත් ක්‍රීඩකයින් 32ක් දඹුල්ලේ ද ජෛව බුබුළු දෙකක් තුළ නිරෝධායනය වෙමින් සිටියේය.
සිනමන්ග්‍රෑන්ඩ්හි සිටි ක්‍රීඩකයින් 14 දෙනාගෙන් සඳුන් වීරක්කොඩි, අශාන් ප්‍රියන්ජන්, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයන් පස් දෙනා පුහුණු තරගයක් සඳහා දඹුල්ලට යවා තිබියදී කළ පීසීආර්. පරීක්ෂණයකින් සඳුන් වීරක්කොඩි කොවිඩ් ආසාදිත බව තහවුරු විය.
රජයේ නිරෝධායන නීති ප්‍රකාරව සඳුන් වීරක්කොඩි ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඉතිරි ක්‍රීඩකයන් සිවුදෙනා එම බස් රථයෙන්ම කොළඹ එවා ඇත.
මේ අතර එංගලන්ත සංචාරයට ගොස් පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමත්, ඉන්දීය කණ්ඩායමත් ජෛව බුබුළු තුළ රඳවා තිබුණේ ටාජ්සමුද්‍රා හෝටලයේය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සිටි දත්ත විශ්ලේෂකයෙක් සහ පිතිකරණ පුහුණුකරු කොවිඩ් ආසාදි බව තහවුරු වීමත් සමග එම ක්‍රීඩකයන් ද සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය වෙත යොමු කර දැඩි නිරෝධායනයකට ලක් කර ඇති අතර යළිත් පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය.