බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් සමග ගමන අරඹයි!

by editor
සැප්තැම්බර් 2, 2021
in පුවත්
අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක

අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක

Share on FacebookShare on Twitter

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර අද (02) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවති පළමු එක්දින ජාත්‍යාන්තර තගරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14ක විශිෂ්ට ජයක් අත් කරගත්තේය.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විනි.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුණි.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් රැස් කළේය. ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කිරීමට සමත්විය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 72ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් සහ කගිසෝ රබාඩා කඩුලු 2ක් දවාගත් අතර ඒඩන් මාර්ක්‍රම්, සහ ටබ්රායිස් ෂම්සි එක් කඩුල්ලක් බැගින් දවාගත්තේය.

තරඟය ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 301ක ඉලක්කයක් හිමිවිය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ආරම්භක පිතිකරු යුවල වූයේ ජෙනෙමන් මාලන්  හා  ඒඩන් මක්‍රම් ය. මුල්ම කඩුල්ල ලෙස  10වන පන්දු ඕවරයේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට මාලන් වනිඳු හසරංගට ගොදුරු විය.

අනතුරුව විශිෂ්ට පිතිකරණය යෙදුණු මක්‍රම් පන්දු 90ක දී ලකුණු 96ක් ලබාගෙන සිටිය දී ප්‍රවීන් ජයවික්‍රමට ගොදුරු වූයේය. දෙවන කඩුල්ල ලෙස ඔහු දැවී යනවිට ලකුණු 166ක් ලෙස ලකුණු පුවරුව දිස් විය.

නායක ටෙම්බා බවුමා ලකුණු 38ක් ලබා සිටිය දී ආබාධයකට ලක් වූයේය.

රසල් වෑන් වැන්ඩර් ඩුසේන් පන්දු 59ක දී ලකුණු 59ක්, හෙන්රිච් ක්ලාසන් පන්දු 31 ක දී ලකුණු 36ක්, ලබා ගත්තේය.

ප්‍රවීන් ජයවික්‍රම පන්දු ඕවර 10ක දී ලකුණු 47ට එක් කඩුල්ලක්, චාමික කරුණාරත්න  පන්දු ඕවර 3ක් යවා ලකුණු 18ට එක් කඩුල්ලක්, වනිඳු හසරංග පන්දු ඕවර 10ක් යවා ලකුණු 52කට එක් කඩුල්ලක්, අකිල ධනංජය පන්දු ඕවර 10ක් යවා ලකුණු 65කට කඩුළු 2ක් දවා ගත්තේය.

කඩුළු ලබා ගත නොහැකි වුවත් ධනංජය සිල්වාගේත් දුෂ්මන්ත චමීරගේත් පන්දු යැවීම මනරම් විය.  ධනංජය පන්දු ඕවර 8 යවා ලකුණු 35ක් පමණක් ලබා දුන්නේය.

ලකුණු 300 හඹා යෑම පහසු නැත. එහෙත්  තරගයේ 45 වන පන්දු ඕවරය වනවිටත් තරගය පැවතියේ දෙපාර්ශවයටම විවෘතවය.    තරගය ශ්‍රී ලංකාව දෙසට හැරුණු , තරගය වෙනස් කළ විශිෂ්ටම පන්දු ඕවරය 48 වැනි පන්දු ඕවරය ය.  දුෂ්මන්ත චමීර යැවූ එම පන්දු ඕවරයේ දී ලකුණු 06ක් පමණක් හිමි විය.  ඊට පදනම පෙර ඕවරය යැවූ වනිඳු හසරංගත් පසු ඕවරය යැවූ චාමික කරුණාරත්නත් නිර්මාණය කළහ.

49 වැනි පන්දු ඕවරය යැවූ චාමික කරුණාරත්න එක් කඩුල්ලක් සහිතව ලබා දුන්නේ ලකුණු 05ක් පමණි.

තරගය පුරාම දසුන් ශානකගේ විශිෂ්ට නායකත්වය වටා ගොනුවූ තරුණ ක්‍රීඩකයන්ගේ එක් තැන් වුණු ජවය දක්නට ලැබිණි. එය බලාපොරොත්තු දල්වන්නක් විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔක්සි මීටරවලට උපරිම සිල්ලර මිලක් නියම වේ…

Next Post

එක්සත් රාජධානිය තුළ කොටි සංවිධානය තවදුරටත් තහනම්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.